
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ඩිජිටල්කරණය මත රඳා පවතින බව වඩාත් පැහැදිළි බවත් ‘කොවිඩ්’ ව්‍යාප්තියත් සමඟ ඩිජිටල්කරණයේ අසීමිත ප්‍රයෝජනය හොඳින් වටහා ගැනීමට හැකිවූ බවත් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය හා ඩිජිටල් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කොවිඩ් වසංගතයෙන් නිදහස් වන විට ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකය සමග ගණුදෙනු කිරීමට සූදානම් වියයුතු යැයි කී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගමේ ජනතාවට ඩිජිටල් උපාංග හරහා ගනුදෙණු කිරීමට අවකාශය නිර්මාණය කිරීමෙන් එම ඉලක්කය යථාර්ථයක් බවට පත්වන බව ද සඳහන් කළේය.
හැදුනුම්පත ඩිජිටල් කර සියලු තොරතුරු අන්තර්ගතකර කොපමණ ඩිජිටල්කරණය කිරීමට උත්සහ කළත් හැදුනුම්පත මූල්‍ය ගණුදෙනු සඳහා පහසුකම් එකතු කරන්න බැරි වුවහොත් එහි ප්‍රයෝජනයක් නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
වට්ස් ඇප් එකවත් දාගන්න බැරිව දහදුක් විඳිනවා මිනිස්සු... කයිය විතරයි...
යහපාලනය පැවති කාලයේ මුලින්ම ඩිජිටල් ඇමති කෙනකු පත්කර කටයුතු කරන්න පටන්ගත්තේ රනිල් අගමැතිතුමා... එහි ප්‍රතිඵලයක් ලෙසට ඔහුගේ පක්ෂය අන්ත පරාජයට පත්වුණා.. ඒ කාලේ මහදවල් මහ බැංකුව මංකොල්ල කෑවා කියපු අයම බැඳුම්කර වංචාව වෙනුවෙන් තැන්පත්ව තිබුණු මුදල් රාජසන්තක කර පාඩුව වසා දමනවා.. ඕක තමයි කියන්නේ කට බොරු කිව්වට දිව බොරු කියන්නේ නැහැ කියලා...
ඩිජිටල් ඵකේ චැදගත්කම නම් අපි දන්නවා. හැබැයි ඇමතිගේ කෙරුවාව තමයි සැක.
අනාගතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති අපි අනාගත ජනාධිපතිට ජයවේවා...
කට්ටියට දැන් රෑ දවල් මාරුවෙලා වගේ... අනේ පවු...
හොරට ලියලා විභාග පාස් වෙනහැටි වෙන්ඩ ඇති දැනගෙන තියෙන්නේ...
කොරෝනා ප්ලෑන් එකේ කොටස් 03ක් තියෙනවා.. 1. බටහිර බෙහෙත් ව්‍යාපෘතිය, 2. ඩිජිටල්කරණය ඔන්ලයින්... 3. ලෝකයම පාලනය කිරීම...