(සුජිත් හේවාජුලිගේ)
මියගිය කොවිඩ් ආසාදිතයන් එක් දහස් එක් (1,001) දෙනෙකුගේ මළ සිරුරු මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා භූමදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.
මඩකළපුව ඔට්ටමාවඩි කොවිඩ් මළ සිරුරු භූමිදානය සඳහා රජය විසින් තෝරා ගනු ලැබූ ප්‍රධාන හුදෙකලා භූමි ප්‍රදේශයයි.
කොවිඩ් ආසාදනයවීමෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මියගිය පිරිස් සෞඛ්‍යය නිර්දේශවලට යටත්ව මෙහි භූමිදානය කර ඇත.
කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනයට මෙන්ම භූමිදානයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කෙරුණු විශේෂඥ කමිටුව අවසර ලබා දුන්නේය.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔට්ටමාවඩි කියන්නේ කලපුවෙන් වටවූ පහත් බිම් ප්‍රදේශයක්. වැහි කාලවලට පොළව මට්ටමට වතුර රැඳිලා හිටිනවා මාසයක් විතර... ඒ කියන්නේ මළසිරුරුවලින් ජලයට වයිරසය එකතු වෙන්න ඉඩ වැඩියි. මේවා කාගේ නිර්දේශද මන්දා?
මළසිරුරු වලින් ජලයට වයිරසය එකතු වෙනවා කියලා හිතන තරම් අවිද්‍යාත්මක මිථ්‍යා දෘෂ්ඨිකයන් ජීවත් වන රටක්...