
(නිමන්ති රණසිංහ)
කොවිඩ් ආශ‍්‍රිත මරණ වාර්තා කිරීමේදී මින් ඉදිරියට නවතම ක‍්‍රමවේදයක් අනුගමනය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව, පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ අදාළ දිනයේ දීම වාර්තා කිරීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය.
කොවිඞ් මරණ සම්බන්ධයෙන් මින් ඉහතකදී වාර්තා කළ ‘පසුගිය දිනවල සිදුවූ මරණ’ මෙම නව ක‍්‍රමවේදය යටතේ වාර්තා නොකරන බවද හෙතෙම පැවසීය.
මින් ඉහතදී දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල මරණ ඇතුළුව සමස්ථ මරණ සංඛ්‍යාව වශයෙන් වන අතර, මෙම නවතම ක‍්‍රවේදය පැය 48ක් තුළ සිදුවන මරණ පමණක් අදාළ දිනයේදී නිල වශයෙන් ලබා දෙන බව ඔහු සදහන් කළේය.
ඒ අනුව, පැය 48ත් පැය 24ත් තුළ සිදුවෙන සියලූම මරණ අදාළ දිනයේදී නිල වශයෙන් ලබා දිමට කටයුතු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ සර්... එන්නතටත් වඩා මේ ක්‍රමයෙන් සෑහෙන මරණ ගණනක් අඩුකරගන්න පුළුවන් නේද? උපදෙස් ගත්තේ ගෑස් කම්පැණියෙන්ද?
ඒ කියන්නේ අද දක්වා කලින් සතිවල වුණා කියලා 67, 101,... ලෙස කොටස් වශයෙන් ඉදිරියට කීමට නියමිතව තිබුණු මරණ සියල්ල හංගලා අද සිට අලුතින් මැරෙන අය පමණක් කියනවා. මම හිතන්නේ දැනටමත් මුල් ක්‍රමයට කීමට තව බොඩි 500ක් විතරවත් ඉතිරිව ඇති. ඒ සියල්ල අද සිට හංගලා දානවා. මේ මොන පාලකයෝද? රටම කාලකණ්නි කළා....
කලින් හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා සමඟ බලන විට එතුමාට තීන්දු ගැනීමට කිසිදු ශක්තියක් නැති බව අකමැත්තෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුව ඇත...
නුඹලා කරන්නේ කොරෝනා වවාගෙන කනඑක. රුපියල් කෝටි 7600ක් වියදම් කරලත් මැරිලා තියෙන්නේ අවුරුදු දෙකටම 2000ක් මිනිස්සු මේ ගැන අහන කොට සිස්ටම් එක වෙනස් කරනවා. නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ...
නිවේදක කටයුතු තවදුරටත් කරන්නේ ෆ්‍රෙඩී සිල්වාද? නැතිනම් අජිත් රෝහණ මහත්තයාද?