(තිළිණි ද සිල්වා)
කොවිඩ් තත්වය හේතුවෙන් මේ වන විට රටවල් 20 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කර තිබෙන බවත්, එම රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරිමට විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කුවේට්, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ලාඕස්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පුරුව, පිලිපීනය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, නොර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කටාර්, වියට්නාමය රටවල් මෙලෙස සිය වැසියන්ට ලංකාවට පැමිණිමට තහනම් කර ඇති බවද අමාත්‍යවරයා කීය
විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ලංකා දූත මණ්ඩල කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය.
මීට අමතරව මෙරටට සංචාරකයින් ආකර්ෂනය කර ගැනිම සදහා අගෝස්තු 01 වැනිදා සිට ලොව පුරා ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට උපදෙස් දී ඇත.
මෙරටට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා සංචාරක හෝටල්,ගුවන් සමාගම් හා සංචාරක සංවිධායකයනට ලබා දිය හැකි සහන පැකේජ වශයෙන් ඒවා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් පිළිබදවද අමාත්‍යවරයා මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඩ් එන්නත්කරණය අවසන් කිරිමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ජනගහනයෙන් සියයට 60 කට කොවිඩ් එන්නත ලබා දීම රජයේ අපේක්ෂාව බවත් පෙන්වා දුන් ඇමතිවරයා කොවිඩ් නිසා බිඳ වැටී ඇති මෙරට ආර්ථිකය නැවත ගොඩ ගත හැක්කේ සංචාරක ව්‍යාපාරය වැනි කර්මාන්ත වලින් බවද කීවේය.
ඒ අනුව රුසියානු හා නැගෙනහිර යුරෝපා කලාපයේ නව ප්‍රවර්ධන වැඩසටහන් ලබන මාසයේ සිට ආරම්භ කිරිමට තීරණය කෙරිණ.
සංචාරකයින් ගෙන්වා ගැනීමේ ක්‍රියාකාරී සැලැස්ම පිළිබද විශේෂ සාකච්ඡාවක් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙම සාකච්ජාව සඳහා සංචාරක අමාත්‍යාශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කීමාලි ප්‍රනාන්දු ,අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ,ගුවන් සමාගම් නියෝජිතයන්,සංචාරක හෝටල් හිමිකරුවන්ගේ සංගම් නියෝජිතයන් හා සංචාරක සංවිධාන ආයතන නියෝජිතයන්ද සහභාගී වුහ.
COMMENTS
මේ රටවලින් තහංචි පැනවීම ඉතාමත්ම හොඳයි. ඒ කාලසීමාව තව දුරටත් දිගු කිරීම ඉතාම කාලෝචිතයි. ශ්‍රී ලාංකිකයින්ව ඒ රටවලට ගෙන්වා ගැනීමත් නතර කරන්න. විදේශගත ලාංකිකයින්ගෙන් මුදල් ගසා කාපු සංචාරක කර්මාන්තය භංග වේවා!! විදේශගත ලාංකිකයින්ගෙන් ලංකාවට ලැබෙන විදේශ විනිමය අහිමිවේවා!! විදේශගත ලාංකිකයින් එම රටවල් තුළම වියදම් කරමින් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. මතකද? මේ තුප්පහි ජාතිය තමන්ගේම ජාතිය "මිනිස් බෝම්බ" ලෙසින් සලකා පොලිසියට පවා කෝල් කළා. මෝඩයින් ලෙස තිරිසනුන් සමග වාසය කරනවට වඩා, වෙනත් ශිෂ්ඨ සම්පන්න ජාතීන් සමග ඒ රටවලට වෙලා සහයෝගයෙන් ඉන්න...
අපේ ඇමැතිලා හිතන් ඇති එයාලා ඒ රටවලටත් ඇමැතිවරු කියලා...?