
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් වැළඳී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ මවුපියන් බූස්ටර් එන්නත ලබාගෙන නැතැයි තොරතුරු අනාවරණයවී ඇති බව එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
කොවිඩ් වැළඳීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන් සංඛ්‍යාව 30කි.
මේ අනුව බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්නැයි ඒ දරුවන්ගේ මවුපියන්ට තම දැනුම් දුන් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා බූස්ටර් එන්නත ලබා නොගත් මවුපියන් මාර්ගයෙන් දරුවන්ට කොවිඩ් වැඩි වශයෙන් බෝ වන තත්වයක් දක්නට ඇතැයිද සඳහන් කළේය.
මේ අතර කොවිඩ් වැළඳීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවකුගේ මවුපියන් එකම එන්නම් මාත්‍රාවක් හෝ ලබාගෙන නැති බවද තොරතුරු අනාවරණය වී ඇත.
එන්නත් මාත්‍රා එකක් හෝ ලබා නොගත්තේ ඇයි දැයි මවුපියන්ගෙන් කරුණු විමසීමට කටයුතු කරගෙන යන බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු තුනක කොවිඩ් රෝගී දරුවෝ ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd