
(යොහාන් භාසුර)
කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල භාවිතයට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (15) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
මාර්ක් සමාගම හඳුන්වාදී ඇති ‘මොල්නුපිරවියා’ නැමති මෙම ඖෂධ කරල සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිය යුතු බව ද සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසුව ඇනවුම් කිරීම වැනි ඉදිරි පියවර ගත හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු රෝගය සාර්ථකව පාලනය කරන දේශීය බෙහෙතක් සොයාගත් වෛද්‍යතුමිය විසින් විදේශ රටවල ඉල්ලීම මත කොවිඩ් සඳහා ඖෂධයක් නිපදවා ඇතිබව 14 දින සති අන්ත පුවත්පතකින් දුටිමි. ඔබතුමා දේශීය දේ හෝ දේශීය අගය කරන්නෙක් නම් එම ඖෂධය ගැනත් සලකා බලන්න.
බඩුත් හැමදුරුවන්ගේ නඩුත් හැමදුරුවන්ගේ, කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්.
වැක්සින් එකටත් ප්‍රශ්න දැම්මා වගේ මේකටත් කට්ටියම ප්‍රශ්න දායි. එත් මිනිස්සු ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නේ කොරෝනා මේ රටින් තුරන් වන දවස කවද්ද කියලා. ගොඩක් අය කොරෝනා වලින් දැන් හම්බ කරන්න පටන් අරන් ඉන්නේ...
ගොඩක් අය බලාගෙන ඉන්නේ මේ එන්නත එනකම්. මේ එන්නත ලංකාවට ගේන්න වෙහෙස වෙලා වැඩ කරපු හැමෝටම ගොඩක් ස්තුතියි .ඉක්මනටම ලංකාවට ගෙන්න හැකි වේවා .මේ ගැන ගොඩක් ය විවිද විවේචන කරයි .ඕවා සාමාන්‍ය දේවල්