(සුජිත් හේවාජුලිගේ)
අවුරුදු 30ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන් කොවිඩ් එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කෙරෙන නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් පිරිස් පිළිබඳව සොයා බැලීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සමීක්ෂණයක් රට පුරා අරඹා ඇත්තේද එහි මූලික පියවරක් ලෙස යැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
එන්නත ලබා නොගත් පිරිස් පිළිබඳව දිවයින පුරා සමීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.
මේ කාරණය පිළිබඳව කොවිඩ් මර්දන කමිටුවේදීද පසුගියදා සාකච්ඡා කෙරිණ.
විවිධ හේතු නිසා ඇතැම් පිරිස් එන්නත ලබාගැනීමට බිය වී සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එන්නත් කටු ගසනවාට බිය වී සිටින පිරිස, තමාට ඉහළ ප්‍රතිශක්තියක් ඇතැයි අධිතක්සේරු වෙන් සිටින පිරිස සහ එන්නත් භාවිතයෙන් වෙනත් අතුරු පල ඇති වේයැයි බියෙන් සිටින පිරිස එන්නත ලබා ගැනීම මග හරින එම කණ්ඩායම් තුන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය
කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට රජය සියලු පහසුකම් සලසා දී තිබියදී එය මගහැර සිටින්නේ සියයට එකකට වඩා අඩු පිරිසක යැයිද හෙතෙම සඳහන් කළේය .
COMMENTS
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...
ජනාධිපතිතුමා වටේ ඉන්න ඩබල් ඒජන්ට්ලගෙ කේවට්ට උපදෙස් පිළිපැදලා ඊළග ජිනීවා මානව හිමිකම් සමළුවෙන් ලංකාවට ගලව ගන්න බැරි ජාතියෙ සම්බාධක පනව ගන්න කදිම අවස්ථාවක් තමයි එන්නත්කරණය යොදාගෙන මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීම… ඇදගෙන නානවා කියන්නෙ මෙව්වට තමයි….
එන්නත ලබාගත් අයටද දැනට කෝවිඩ් රෝගය වැළඳී තිබේ නම් මෙය අනිවාර්ය කරන්නේ කුමන අරමුණක් ඉටුකර ගැනීමටද?
බාල එන්නත් ගෙනැල්ලා ... ඒවා බලෙන් ජනතාවට ගහලා මරන්නද හදන්නේ..? සර් හොඳටම කරනවා වැඩියි.
නොපෙනෙන දෙවියන් ගැන විශ්වාසයෙන් තව කට්ටියක් ඉන්නවා..
ඔය එන්නත ගහන තරුණ පිරිස් ඉක්මණින් මියපරලොව යනවා ඒකාන්තයි.
මේක මානව හිමිකම් උල්ලංගණය කිරීමක්