‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට බියවුණු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමියන් පිරිසක්, ගස්වලට නැග බේරීමට උත්සාහ කළ බවත්, ඇතැමුන් සෞඛ්‍ය නිලධාරීන් සමඟ ගුටිබැට හුවමාරු පවා ඇති කරගත් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ගස්වලට නැගගත් ගැමියන්ට බිමට බසින්නැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ආයාචනා කරන අයුරු මෙන්ම, ගුටිබැට හුවමාරු සිදුවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ දකින්න ලැබී තිබේ.
ගස් නැග බේරීමට උත්සාහ ගත්තේත්, සෞඛ්‍ය නිලධාරීන් සමඟ ගුටිබැට හුවමාරු කරගත්තේත්, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බාලියා නමැති පිටිසරබඳ ගම්මානයේ ගැමියන්ය.
‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් මෙම ගැමියන්ට කිසිදු අවබෝධයක් නොමැති බවත්, ඒ ගැන ඔවුන් දැනුවත් කරමින් එන්නත් ලබා දීමට යෑමේ දී තමන් අකරතැබ්බ රැසකට මුහුණ දුන් බවත් සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය, ප්‍රාන්ත මැතිවරණයට සූදානම් වෙන අතර, එන්නත් ලබා ගැනීමට සුදුසු වයස් කාණ්ඩයේ සිටින සියලු දෙනා එන්නත් කිරීම ප්‍රාන්ත බලධාරීන්ගේ අරමුණ වී තිබේ. එහෙයින්, සෞඛ්‍ය කණ්ඩායම් එන්නත් රැගෙන ගම්වලට ගොස් නිවසින් නිවසට එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.
මේ වනවිට සමස්ත වශයෙන් ඉන්දියානුවන්ගෙන් සියයට 95 පළමු එන්නත ලබා ගෙන ඇත. දෙවැනි එන්නත ලබා ගෙන ඇත්තේ සියයට 65 ක් පමණි. මේ වනවිට ඉන්දියානුවන්ට බූස්ටර් එන්නත ලෙස තෙවැනි එන්නතක් ද ලබා දීම ආරම්භ කර ඇති අතර, පළමුවෙන් එම තෙවැනි එන්නත ලබා දෙන්නේ 60 ට වැඩි වැඩිහිටියන්ට සහ සෞඛ්‍ය අංශ සාමාජිකයන්ටය.
(එන්.ඩී.ටීවී)
2025 දෙසැම්බර් මස 04
153
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘කොවිඩ්’ එන්නතට බයේ ඉන්දීය ගැමියෝ ගස් නැගලා