(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්අඩංගුවට ගත් රංගන ශිල්පී කාවිංග පෙරේරා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (19) නියෝග කළාය.
තලංගම කලල්ගොඩ වෙලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයේ හප්පා මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත් සේවයකු ජිවිතක්ෂයට පත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
මෙයාවත් මරලා දාන්න ඕනේ.
මේත් නළුවොද ?
හප්පාගෙන ගිහින් පැනලා ගිය කෙනා හිතාගෙන ඇති මහා ලොකු හපන්කමක් කෙරුවා කියලා. පොරක් වෙන්න හැදුවට කරලා තියෙන්නෙ ජීවිතයක් නැති කරපු එක.
මේ තමයි අපේ කලාකාරයෝ / නළුවෝ , මිනීමරුවෝ , කුඩුකාරයෝ , අයි .ආර් .සී. කාරයෝ දාමරිකයෝ .. දුෂකයෝ ..
හැප්පුවාද හැප්පුනාද බීල වැටිල යටවුණාත දන්නේ නැති නිසා මොකුත් නොකියමි. නමුත් නීතියට දන්වා ගියානම් හොඳ බව කියමි.
අනතුරක් වූ විට රියදුරුන් පලා යෑමට උත්තරය මෙම කමන්ට්ස් වලින්ම පෙන්නුම් කරයි. ඇතැමුන් කතා කරන්නේ වාහනයක නොගිය ගානටය.
පොලිසිය නම් වාර්තා කර තියෙන්නේ බිමතින් රියපදවා රිය අනතුරක් සිදුකර ඒ මගින් පුද්ගලයකු යටකර මරණයට පත්කර පලායාම කියන චෝදනා තමයි කාවිංගට තියෙන්නේ ඔහු යුඑන්පි එකේ හිටපු වෘත්තිය සමිති නායකයකුවු ලාල් පෙරේරාගේ පුත්‍රයා කාවිංග රංගන ශිල්පියෙක් උවත් ඔහුට සාමාන්‍ය නිතිය ක්‍රියාත්මක කර තිබිම පොලිසිය අගය කලයුතුයි. දැන් වගේම පොලිසිය ඉදිරියටත් එසේ ක්‍රියාත්මක කර මරණයට පත් පුද්ගලයාගේ නිවැසියන්ට සාධාරණය ඉටුකල යුතුයි පක්ෂක්ග්රාහි නොවි.
ගොඩක් දුරට පාරේ වැඩකළ අයගේ වරදක් තියෙන්නත් පුළුවන්. අපි දන්නවනේ ලංකාවේ නිලධාරීන්ගේ බාල වැඩ.
කොපමණ බීලද කිව්වොත් පාර නොපෙනෙන ගණනට බීලා. මෙහෙම වෙලාවට කළයුත්තේ රිය එලවීමෙන් ඉවත්වී අනුන්ගේ ජීවිත මෙන්ම තමන්ගේ ජීවිතයත් බේරාගැනීමයි. මෙවැනි අනතුරක් කරලා වැරදිකරු වුණොත් සදාකල් රියදුරු බලපත් අවලංගු කළයුතුයි...
මේ කමෙන්ට් කරලා තියන ඒවා දැක්කම අනතුරක් සිදුකරන මිනිහෙකුට පලා යනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. වැරැද්ද කාගේද කියලා බලන්නේ නැහැ. අහළ පහළ ඉන්න මිනිස්සු පළමුවෙන්ම කරන්නේ වාහන කාරයාට නෙලන එකයි. තව මදි නම් වාහනේට ගිනි තියනවා. අන්තිමට වරද වාහන පදවපු මිනිහගේ වුණත් හැප්පුණු මිනිහාට වෙන්නේ අවාසියක්...