නාවික හමුදා නිලධාරීන් සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (29) මන්නාරම දකුණු මුහුදු තීරයේ කළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1456.1 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
මෙම බීඩී කොළ තොගය පාර්සල් 33 ක බහා තිබී ඇත.
නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා මෙම බීඩිකොළ මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක කරන අතර ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.
ඒ අනුව, මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස බිඩී කොළ මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද අවස්ථාව 08 කදී පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, බීඩී කොළ කිලෝග්‍රෑම් 8000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)



2025 දෙසැම්බර් මස 18
170
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිලෝ 1456ක බීඩී කොළ තොගයක් මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගැනේ