
(රොමේෂ් මධුෂංඛ)
කොටි ත්‍රස්ත සංවිධානයේ මුහුදු කොටි බළකායට අයත් මරාගෙන මැරෙන බොට්ටුවක් මුලතිව් චලෙයි ප්‍රදේශයේදී සොයාගත් බවට යුදහමුදාව පවසයි.
මුලතිව් ධීවරයන් පිරිසක් චලෙයි කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ සැකකටයුතු බොට්ටුවක් දැක ඒ පිළිබඳව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුදහමුදා බුද්ධිඅංශයට දැනුම් දීමට අනුව එය සොයාගෙන ඇත.
අනතුරුව 68 වන සේනාංකයේ 681 බලසේනාංකයේ 09 වන ජාතික ආරක්ෂ බලමුලුවේ සෙබළුන් හා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් සිදුකරන ලද පරික්ෂාවකදී මෙම බෝට්ටුව සොයාගනු ලැබීය.
සොයාගත් මරාගෙන මැරෙන බොට්ටුව සාමාන්‍ය ධීවර යාත්‍රාවක් ලෙසින් සකසා එහි බඳකොටසේ බෝම්බ සවි කොට එය ආවාරනය කොට තිබූ අතරම යුද සමයේදී මුහුදු කොටි බලකාය විසින් මෙම මරාගෙන මැරෙන බොට්ටු භාවිතයට ගත් බවට යුදහමුදාව සැකපල කරන ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd