
යුක්රේනයත් රුසියාවත් අතර, බෙලරූස් දේශසීමාවේ, සාම කතා පැවැත්වෙද්දී, රුසියන් හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර වට කර ඇති බවත්, චන්ද්‍රිකා ඡායාරූප අනුව, රුසියන් හමුදා රථ නගරය අද්දර සිට කිලෝ මීටර් 64 ක් දුරට විහිදී තිබෙනු දකින්න ලැබෙන බවත් ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකාවට කිලෝ මීටර් 64 ක් දුරට විහිදී ඇති රුසියන් සන්නද්ධ රථ, යුද ටැංකි ආදිය දකින්න ලැබී ඇත්තේ ඔවුන්ගේ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකා ආධාරයෙනි. මේ අතර, කියෙව් අගනුවරට පහර දීමට සූදානමින්, දකුණුදිග බෙලරූසයේ රුසියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සීරුවෙන් තබා ඇතැයි ද චන්ද්‍රිකා ඡායාරූප අනුව දකින්න ලැබෙන බව ඇමෙරිකාව පවසයි.
යුක්රේන නියෝජිතයන් සහ රුසියන් නියෝජිතයන් අතර සාම කතා බෙලරූස් රාජ්‍යයේ දේශසීමාවේ පැවැත්වූයේ බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝගේ මැදිහත් වීමෙනි. ලුකෂෙන්කෝ යනු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි.
බෙලරූසය පිහිටා ඇත්තේ යුක්රේනයේ උතුරු දෙසට මායිම් වෙමිනි. රුසියන් හමුදා කියෙව් අගනුවර ආක්‍රමණය සඳහා පැමිණෙන්නේ බෙලරූසය දෙසිනි. රුසියන් ජනාධිපති පුටින්ට, යුක්රේනය ආක්‍රමණය කිරීමට සහාය දැක්වීම හේතුවෙන් බටහිර රටවල් මේ වනවිට බෙලරූසයට ද සම්බාධක පැනැවීමක් සිදු කර තිබේ. රුසියාවට මෙන්ම, බෙලරූසයට ද ජගත් ක්‍රීඩා තරඟ පවා තහනම් කර තිබේ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීසල් ගහගන්න පෝලිමේ ඉන්නේ...
මෙයාලා යුද්ධ කරන්න පෝලිමේ... අපි ලංකාවේ ඩීසල් ගහන්න පෝලිමේ... සැපේ වෙනස කොහොමද?
එහි තියෙන්නේ කිමී 64 යි. බලන්න සකල සිරින් පිරි සිරි ලංකාවේ කිමී කීයක් පෝලිම් තියෙනවාද කියලා... ලංකාවේ මැතිවරණ ආසන 160නම් ආසනයක තෙල් පෝලිම කිමී එකක් ලෙසට ගත්තොත් එයම කිමී 160 වෙනවා.. ඉතින් තවමත් රුසියාව ලංකාවට පරාදයි. කොහොමද ලංකාවේ සෞභාග්‍යයේ තරම...?