( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
වාහන මිලදී ගැනීමට මූල්‍ය ආයතන ලබා ගත් කල් බදු ලීසිං ණය මුදල් ගෙවීමට ලබා දී ඇති ණය සහන කාල සීමාව තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
එලෙස ලබා ගත් ණය මුදල් වලට වැල් පොළී එකතු කිරීම හෝ ණය වාරික නොගෙවූ වාහන රැගෙන ගොස් වෙන්දේසි කරන බවට වාහන හිමියන් බිය වැද්දීමෙන් මූල්‍ය ආයතන වළකන නියෝගයක් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ට නියමකරන ලෙසද පෙත්සම මගින් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතු වේ සභාපති මනෝජ් ලංකා විතානගේ, එහි ලේකම් සමන්ත සූරිය ආරච්චි, සහ එම එකමුතුව මෙහි පෙත්සම් කරුවෝ වෙති.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහචාර්ය ඩබ්ලිව් .ඩී .ලක්ෂ්මන්, එහි මූල්‍ය මණ්ඩලය, මූල්‍ය මණ්ඩල සාමාජිකයන් මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී .ජයසුන්දර , මෙහි වගඋත්තර කරුවෝ වෙති.
නීතිඥ නිලූකා වෙල්ගම මගින් මෙම පෙත්සම මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහන කාලය වසරකින් දීර්ඝ කර එම වසර සඳහා පොලිය අය නොකරනවා නම් හොඳයි.
ලීසිං සහනය ලබා දෙන්න අමාරුවෙන් ගත්ත වාහනනේ... නොගෙවා හිටියේ නැහැනේ. සහරාන්ගේ බෝම්බය හා කොරෝනා නිසා අමාරුවේ වැටිලා ඉන්නේ... මේ සම්බන්ධයෙන් සහන ලබාදිය යුතුයි.