
(කේ.ඩී.දේවප්‍රිය)
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි වන වනාන්තර කිසියම් පුද්ගලයන් පිරිසක් විනාශ කරන බව කතරගම ජනතාව පවසති.
හේන් හෙළි කරන මුවාවෙන් මෙම මහා විනාශයන් සිදුකළත් වගකිව යුතු නිලධාරින් කිසිදු පියවරක් ගෙන නැතැයි ද නගර වාසීහු චෝදනා කරති.
දිර්ඝ කාලයක් පුරා කතරගම කිඹුල්කෙම, කොහොඹදිගාන, ගලහිටිය, වෙහෙරකෙම, කදසුරිදුගම, කරවීලේ, ලුණුගම් වෙහෙර රක්ෂීතසීමාව, නාගහවීදිය විදුලිවැට යාල මායිම්සීමාව, සිතුල්පව්ව වන සීමාව,තම්මැන්නාව රක්ෂීත වැව් පද්ධතියන් ඇතළු ප්‍රදේශයේ වටිනා වන සම්පත් මහා පරිමාණයෙන් වනසමින් ඉඩම් ඇල්ලීම සිදු කරන බව ප්‍රදේශවාසීහු පවසති.
කැලැ එළිකරන පිරිස් අතර ආරක්ෂ අංශ,රාජ්‍ය නිළධාරින්, ප්‍රදේශීය දේශපාලඥයින් හා ව්‍යාපාරිකයන් ද සිටින බව දැනගන්නට ඇත.
මේ වනවිටත් අක්කර 500 කට වැඩි රක්ෂිතය මෙන්ම වැව් ආරක්ෂීත පද්ධති. ඇලවේලි රක්ෂීත පද්ධති. ඇතුලු කතරගම ලුණුගම්වෙහෙර. යාල වන උද්‍යානය ආශ්‍රීත වනයන් මේ වනවිටත් විවිධ පුද්ගලයන් විනාශයට පත් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා ගිහින් කිව්වනේ වගා කරන අයට බාදා කරන්න එපා කියලා
කොහොමද කටේ වාදම නම් .. අපි සොබාදහම රැකීමට, ප්‍රතිඥා දී තිබෙනවා.අපි පරිසරය,වනාන්තර ආරක්ෂා කරනවා.අපි තමයි හොඳටම කරන්නේ.ඒ වුනාට ගෝල බාලයන්ගේ වැඩ කිඩ කොහොමද ? අම්මපා කියලා වැඩක් නැහැ. " වනන්තරේ එළිකොට සැම ගස් කපමූ .. වටිනා කඳන් දී මෝලට මුදල් ගමු .. ඉතිරි සියලු දේ ගිනි දෙවියට පුදකරමූ .. සිව්පා සතුන් සැම අල්ලා මස්කරමූ .."
පව් අසරණ සත්ත්ව ජීවිත... කාලයක් තිස්සේ තමන්ගේ නිජ බිම් වලටම හුරු වෙලා ඉන්න සත්තු කොහේ කියලා යන්නද? මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි... හරිම ආත්මාර්ථකාමී ජාතියක් මනුස්ස ජාතිය.... පරිසර පද්ධතියක් කියන්නේ ජීවිත කීයක්ද?
කෑළෑ පාළුවන්ට ඍජුවම සහය දක්වන දේශපාලුවන් ඉතා ඉක්මනින් මාතෘබුමියෙන් පවුල් පිටින්ම "සදහටම මකබෑ වේවා" යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි...
පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය විනාශ කරනවා කතරගම රක්ෂිත විනාශ කරනවා ජනාධිපති වෙන්න පෙරුම්පුරන විපක්ෂ නායක සහන මලු ගැන කියමින් කෑගානවා ගොවි නායක කියන නාමල් බුදි ඇති රටකට ගිය කලක්
හෙණම තමයි ....