(කාංචන කුමාර ආරියදාස )
ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් 50 දෙනෙකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (4) ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහ විහාර මැද පන්සල හෙවත් ශ්‍රී වළගම්බා පිරිවෙන් පරිශ්‍රයෙහි දී සිදුකෙරිණි.
රන්ගිරි දඹුල්ල රජමහා විහාර සහ විෂ්ණු දේවාලයේ බාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුලු රජමහ විහාරස්ථ මැද පන්සලේ විහාරාධිපති අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ සංකල්පයක් අනුව කුල දරුවන් සසුන් ගත කිරීම සිදුකෙරේ.
කුල දරුවන් 50 දෙනෙකු මෙසේ සසුනට ඇතුළත් කිරීම රන්ගිරි දඹුල්ල රජමහා විහාරයේ දී අස්ගිරි හා මල්වතු පාර්ශව අනු නාහිමිවරුන්ගේ හා මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
රන්ගිරි දඹුලු රජ මහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේ සිට දඹුලු විහාරය දක්වා කුළ දරුවන් පෙරහරකින් රැගෙන විත් දෙමාපියන් වන්දවා ආගමික වතාවත් ඉටුකර මහණ කිරීම සිදු කෙරිණි.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි නාහිමියන් කියා සිටියේ වර්තමානයේ ජනතාව මහා සංඝරත්නය කෙරේ පමණක් විශ්වාසය තබා තිබෙන මොහොතක් බවයි. රට රකින හමුදාව හා පොලිසිය මෙන් අද මහා සංගරත්නය ද හමුදාවක් බවයි.
මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටුවන ලද සාමග්‍රී භික්ෂු බල මණ්ඩලය මෙය සංවිධානය කරනු ලබන බවත් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය සහ පැවැත්ම උදෙසා සමගියෙන් භික්ෂූන් වහන්සේලා වැඩ හිඳීම අරමුණු කරගෙන මෙම පැවිදි පිංකම කරන බව සංවිධායකයෝ පවසති.
මීට වසර 37 කට ඉහතදී දඹුල්ල වළගම්බා පිරිවනෙහි 50 නමක් පැවිදි කිරීමේ උත්සවයෙන් පසුව 50 දෙනෙකු දරුවන් පැවිදි බිමට පත් වීමේ උදාර පින්කම සිදු කෙරෙන බව විහාරාධිපති හිමියෝ පවසති.
දිවයින පුරා බොහෝ වෙහෙර විහාරස්ථාන පන්සල් පැවතිය ද භික්ෂූන් වහන්සේලා නොමැතිව ඒවා විනාශ මුඛයට ගමන් කරමින් තිබෙන බවත් එම නිසා සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යෑමට මෙරට බුද්ධපුත්‍රයන්ගේ අඩුවීම බරපතල ලෙස වර්තමානයේ දැනෙමින් පවතින බවත් කඩිනමින් මෙය පුරවා නොගතහොත් ඉදිරි කාලයේ බෞද්ධයන්ට විශාල අනතුරකට මුහුණ පෑමට සිදුවන බව රන්ගිරි දඹුල්ල රජමහා විහාර සහ විෂ්ණු දේවාලයේ බාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුලු රජමහ විහාරස්ථ මැද පන්සලේ විහාරාධිපති අඹගස්වැවේ රාහුල නාහිමියෝ සඳහන් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය වතාවේ රංගිරි දඹුලු රජ මහා විහාරය වන්දනා කරන්න ගිය වෙලාවේ අපි දැක්කා විහාර මළුවේ අහිංසක සාමනේර භික්ෂුන් වහන්සේලා එකතුවෙලා ක්‍රිකට් ක්‍රීඩා කරනවා.
වචන වලින් කියල නිම කරන්න බැරි මහා පින්කමක්...
සාධු, සාධු, සාධු බුදුසසුන තව බොහෝ කල් වැජඹේවා...!!!
මහා පින්කමක් සාදු සාධු සාධු.!
වර්තමානයේ බොහෝ විහාරස්ථානවල හාමුදුරුවරුන් නැති තත්වයක් තියෙනවා. එනිසා නිකාය මූලස්ථාන වලින්ම කුළදරුවන් පැවිදිකර උගන්වා විහාර හෝ පන්සල් වලට පත්කරන තත්වයක් ඇතිකරන්නේ නම් මැනවි. විහාරාධිපති කම් ගැනීමට පොඩිපොඩි සාමනේරයන් වහන්සේලාත් පොරකන තත්වයක් වර්තමානයේ පවතින නිසා එවැනි ක්‍රමයක් ඇති කලොත් යහපතක් වියහැකිය.
ඉතාමත් මනරම් දර්ශනයක්. සාදු!
මේ සියලුම දෙනා සිංහල, තරුණ, ළමා පිරිස එතකොට අපේ ජාතිය නැත්තටම වඳ වෙයි. මේකට වෙන පිළියමක් සොයන්න. දරුවෝ ඉන්න පියවරුන් මහණ කරලා. ඒ දරුවන් රජයේ මුදලින් පෝෂණය කරන්න. මෙහෙම ගියොත් පන්සලට එන්න කවුරුත් නැතිවෙයි. වයසට ගිය අම්මලා පමණක් ඉතිරිවෙයි. එක පන්සලකට හාමුදුරුවරු තුන්දෙන්ක් බැගින් තියලා ඒ අයට දේශපාලනයෙන් අයින් වෙලා ධර්මය පිළිබඳ කටයුතු පමණක් බාරදීලා බුද්ධාගම දියුණු කරවන්න. නැතිනම් පන්සල් පිරුණට වැඩක් නැහැ. ධර්මයක් පතුරුවන්නේ නැතිව... දැනටත් කොළඹ අවට ඕනෑවට වැඩිය ඉන්නවා භික්ෂූන් නමුත්.... කී දෙනෙක්ද ශාසනය වෙනුවෙන් වැඩ කරන්නේ... ශාසනයට නොගැලපෙන භික්ෂූන් අයින් කරන්න. එතකොට දරුවෙක් හරි හදයිනේ මේ සියලුම දෙනා.... පාලනයට ලොකු හාමුදුරුවන් පත් කරන්න..
සාධු, සාධු, සාධු ...
කුලදරුවන් පැවදිකිරීම සතුටු වෙන්න කරුණක්. ඒ කෙසේවෙතත් තව වසර 15කින් පමණ කීදෙනෙක් සිවුරු පොරවගෙන සිටීද කියන එක කියන්න පුලුවන්ද? සසරින් එතර වෙන්න සිතාගෙන සිටිය දෙමව්පියන් අතරමග... මගේ දැසට පෙනෙන දේ තමා මම කියන්නේ...
ඉතා හොඳ කර්තව්‍යක්
මේ සියලුම දෙනා සිංහල, තරුණ, ළමා පිරිස එතකොට අපේ ජාතිය නැත්තටම වඳ වෙයි. මේකට වෙන පිළියමක් සොයන්න. දරුවෝ ඉන්න පියවරුන් මහණ කරලා. ඒ දරුවන් රජයේ මුදලින් පෝෂණය කරන්න. මෙහෙම ගියොත් පන්සලට එන්න කවුරුත් නැතිවෙයි. වයසට ගිය අම්මලා පමණක් ඉතිරිවෙයි. එක පන්සලකට හාමුදුරුවරු තුන්දෙනෙක් බැගින් තියලා ඒ අයට දේශපාලනයෙන් අයින් වෙලා ධර්මය පිළිබඳ කටයුතු පමණක් බාරදීලා බුද්ධාගම දියුණු කරවන්න. නැතිනම් පන්සල් පිරුණට වැඩක් නැහැ. ධර්මයක් පතුරුවන්නේ නැතිව... දැනටත් කොළඹ අවට ඕනෑවට වැඩිය ඉන්නවා භික්ෂූන්.. නමුත් කී දෙනෙක්ද ශාසනය වෙනුවෙන් වැඩ කරන්නේ..? ශාසනයට නොගැලපෙන භික්ෂූන් අයින් කරන්න. එතකොට දරුවෙක් හරි හදයිනේ මේ සියලුම දෙනා.... පාලනයට ලොකු හාමුදුරුවන් පත් කරන්න..
මෙතන සාධු හඬදෙන කිසිම කෙනෙක් තමන්ගේ දරුවෙක් ශාසනේට පූජා කරන්නේ නැහැ. එ් වුණාට අනික් අයගේ ළමයි දෙන්නලු. අවුරුදු 18 සම්පූර්ණ කරපු හැම අයෙක්ම අවුරුද්දක් පැවිදි ජීවිතේ ඉන්න ඕනේ කියලා නීතියක් දැම්මා නම් මේ සියලු දේවල් හරියනවා.