IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


කුල දරුවෝ 50 දෙනෙක් ශාසනයට

(කාංචන කුමාර ආරියදාස )

ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් 50  දෙනෙකු  පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (4) ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහ විහාර මැද පන්සල හෙවත් ශ්‍රී  වළගම්බා පිරිවෙන් පරිශ්‍රයෙහි දී  සිදුකෙරිණි.

රන්ගිරි දඹුල්ල රජමහා විහාර සහ විෂ්ණු දේවාලයේ බාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුලු රජමහ විහාරස්ථ මැද පන්සලේ විහාරාධිපති අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ සංකල්පයක් අනුව කුල දරුවන් සසුන් ගත කිරීම සිදුකෙරේ.

කුල දරුවන් 50 දෙනෙකු මෙසේ සසුනට ඇතුළත් කිරීම රන්ගිරි දඹුල්ල රජමහා විහාරයේ දී අස්ගිරි හා මල්වතු පාර්ශව අනු නාහිමිවරුන්ගේ හා මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

රන්ගිරි දඹුලු රජ මහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී  වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේ සිට දඹුලු විහාරය දක්වා කුළ දරුවන් පෙරහරකින් රැගෙන විත් දෙමාපියන් වන්දවා ආගමික වතාවත් ඉටුකර මහණ කිරීම සිදු කෙරිණි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි නාහිමියන් කියා සිටියේ වර්තමානයේ ජනතාව මහා සංඝරත්නය කෙරේ පමණක් විශ්වාසය තබා තිබෙන මොහොතක් බවයි. රට රකින  හමුදාව හා පොලිසිය මෙන් අද මහා සංගරත්නය ද හමුදාවක් බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ   පිහිටුවන ලද සාමග්‍රී  භික්ෂු බල මණ්ඩලය මෙය සංවිධානය කරනු ලබන බවත්  සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය සහ පැවැත්ම උදෙසා සමගියෙන් භික්ෂූන් වහන්සේලා වැඩ හිඳීම අරමුණු කරගෙන මෙම  පැවිදි පිංකම කරන බව සංවිධායකයෝ පවසති.

මීට වසර 37 කට ඉහතදී දඹුල්ල වළගම්බා පිරිවනෙහි 50 නමක් පැවිදි කිරීමේ උත්සවයෙන් පසුව 50 දෙනෙකු දරුවන් පැවිදි බිමට පත් වීමේ උදාර පින්කම සිදු කෙරෙන බව විහාරාධිපති හිමියෝ පවසති.

දිවයින පුරා බොහෝ වෙහෙර විහාරස්ථාන පන්සල් පැවතිය ද භික්ෂූන් වහන්සේලා නොමැතිව ඒවා විනාශ මුඛයට ගමන් කරමින් තිබෙන බවත් එම නිසා සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යෑමට මෙරට බුද්ධපුත්‍රයන්ගේ අඩුවීම බරපතල ලෙස වර්තමානයේ දැනෙමින් පවතින බවත් කඩිනමින් මෙය පුරවා නොගතහොත් ඉදිරි කාලයේ බෞද්ධයන්ට විශාල අනතුරකට මුහුණ පෑමට සිදුවන බව රන්ගිරි දඹුල්ල රජමහා විහාර සහ විෂ්ණු දේවාලයේ බාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුලු රජමහ විහාරස්ථ මැද පන්සලේ විහාරාධිපති  අඹගස්වැවේ රාහුල නාහිමියෝ සඳහන් කළහ.



අදහස් (12)

කුල දරුවෝ 50 දෙනෙක් ශාසනයට

sirimal Thursday, 04 July 2019 08:09 AM

ගිය වතාවේ රංගිරි දඹුලු රජ මහා විහාරය වන්දනා කරන්න ගිය වෙලාවේ අපි දැක්කා විහාර මළුවේ අහිංසක සාමනේර භික්ෂුන් වහන්සේලා එකතුවෙලා ක්‍රිකට් ක්‍රීඩා කරනවා.

:       615       361

වලවෙල හේමානන්ද මහා ස්ථවිර Thursday, 04 July 2019 09:02 AM

වචන වලින් කියල නිම කරන්න බැරි මහා පින්කමක්...

:       221       428

ආනන්ද පිටබැද්දර Thursday, 04 July 2019 09:05 AM

සාධු, සාධු, සාධු බුදුසසුන තව බොහෝ කල් වැජඹේවා...!!!

:       134       179

Udarath Thursday, 04 July 2019 09:40 AM

මහා පින්කමක් සාදු සාධු සාධු.!

:       205       153

ලසන්ත Thursday, 04 July 2019 09:55 AM

වර්තමානයේ බොහෝ විහාරස්ථානවල හාමුදුරුවරුන් නැති තත්වයක් තියෙනවා. එනිසා නිකාය මූලස්ථාන වලින්ම කුළදරුවන් පැවිදිකර උගන්වා විහාර හෝ පන්සල් වලට පත්කරන තත්වයක් ඇතිකරන්නේ නම් මැනවි. විහාරාධිපති කම් ගැනීමට පොඩිපොඩි සාමනේරයන් වහන්සේලාත් පොරකන තත්වයක් වර්තමානයේ පවතින නිසා එවැනි ක්‍රමයක් ඇති කලොත් යහපතක් වියහැකිය.

:       3       38

nandana Thursday, 04 July 2019 10:00 AM

ඉතාමත් මනරම් දර්ශනයක්. සාදු!

:       162       142

Chathuri Thursday, 04 July 2019 12:57 PM

මේ සියලුම දෙනා සිංහල, තරුණ, ළමා පිරිස එතකොට අපේ ජාතිය නැත්තටම වඳ වෙයි. මේකට වෙන පිළියමක් සොයන්න. දරුවෝ ඉන්න පියවරුන් මහණ කරලා. ඒ දරුවන් රජයේ මුදලින් පෝෂණය කරන්න. මෙහෙම ගියොත් පන්සලට එන්න කවුරුත් නැතිවෙයි. වයසට ගිය අම්මලා පමණක් ඉතිරිවෙයි. එක පන්සලකට හාමුදුරුවරු තුන්දෙන්ක් බැගින් තියලා ඒ අයට දේශපාලනයෙන් අයින් වෙලා ධර්මය පිළිබඳ කටයුතු පමණක් බාරදීලා බුද්ධාගම දියුණු කරවන්න. නැතිනම් පන්සල් පිරුණට වැඩක් නැහැ. ධර්මයක් පතුරුවන්නේ නැතිව... දැනටත් කොළඹ අවට ඕනෑවට වැඩිය ඉන්නවා භික්ෂූන් නමුත්.... කී දෙනෙක්ද ශාසනය වෙනුවෙන් වැඩ කරන්නේ... ශාසනයට නොගැලපෙන භික්ෂූන් අයින් කරන්න. එතකොට දරුවෙක් හරි හදයිනේ මේ සියලුම දෙනා.... පාලනයට ලොකු හාමුදුරුවන් පත් කරන්න..

:       86       119

ashok Thursday, 04 July 2019 04:34 PM

සාධු, සාධු, සාධු ...

:       123       158

Kumar Thursday, 04 July 2019 04:46 PM

කුලදරුවන් පැවදිකිරීම සතුටු වෙන්න කරුණක්. ඒ කෙසේවෙතත් තව වසර 15කින් පමණ කීදෙනෙක් සිවුරු පොරවගෙන සිටීද කියන එක කියන්න පුලුවන්ද? සසරින් එතර වෙන්න සිතාගෙන සිටිය දෙමව්පියන් අතරමග... මගේ දැසට පෙනෙන දේ තමා මම කියන්නේ...

:       17       110

alwis Thursday, 04 July 2019 09:34 PM

ඉතා හොඳ කර්තව්‍යක්

:       0       11

sl Saturday, 06 July 2019 08:00 AM

මේ සියලුම දෙනා සිංහල, තරුණ, ළමා පිරිස එතකොට අපේ ජාතිය නැත්තටම වඳ වෙයි. මේකට වෙන පිළියමක් සොයන්න. දරුවෝ ඉන්න පියවරුන් මහණ කරලා. ඒ දරුවන් රජයේ මුදලින් පෝෂණය කරන්න. මෙහෙම ගියොත් පන්සලට එන්න කවුරුත් නැතිවෙයි. වයසට ගිය අම්මලා පමණක් ඉතිරිවෙයි. එක පන්සලකට හාමුදුරුවරු තුන්දෙනෙක් බැගින් තියලා ඒ අයට දේශපාලනයෙන් අයින් වෙලා ධර්මය පිළිබඳ කටයුතු පමණක් බාරදීලා බුද්ධාගම දියුණු කරවන්න. නැතිනම් පන්සල් පිරුණට වැඩක් නැහැ. ධර්මයක් පතුරුවන්නේ නැතිව... දැනටත් කොළඹ අවට ඕනෑවට වැඩිය ඉන්නවා භික්ෂූන්.. නමුත් කී දෙනෙක්ද ශාසනය වෙනුවෙන් වැඩ කරන්නේ..? ශාසනයට නොගැලපෙන භික්ෂූන් අයින් කරන්න. එතකොට දරුවෙක් හරි හදයිනේ මේ සියලුම දෙනා.... පාලනයට ලොකු හාමුදුරුවන් පත් කරන්න..

:       0       2

kap Sunday, 07 July 2019 10:25 AM

මෙතන සාධු හඬදෙන කිසිම කෙනෙක් තමන්ගේ දරුවෙක් ශාසනේට පූජා කරන්නේ නැහැ. එ් වුණාට අනික් අයගේ ළමයි දෙන්නලු. අවුරුදු 18 සම්පූර්ණ කරපු හැම අයෙක්ම අවුරුද්දක් පැවිදි ජීවිතේ ඉන්න ඕනේ කියලා නීතියක් දැම්මා නම් මේ සියලු දේවල් හරියනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 96 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6617 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6265 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7683 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18346 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1310 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 379 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 602 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 329 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site