
(නිමල කොඩිතුවක්කු)
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සඳහා මාස 3 ක සහන කාලයක් ලබා දී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවැසීය.
දෙසැම්බර් 31 වනදා දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා එම අවස්ථාව ලබා දී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සහන කාලයක් ලබා දී තිබුණද ප්‍රාදේශීය කාර්යාල මඟින් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමේ හැකියාව ඇති බවද ඔහු පැවසීය.
ප්‍රාදේශීය කාර්යාල මගින් මඟින් රියැදුරු බලපත්‍ර එක්දින සේවාව ඇතුළු සේවාවන් සඳහා මේ වනවිට පහසුකම් සලසා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS