IMG-LOGO

කොල්ල කෑමට ඇවිත් නොඑන ගමන් යයි

(ඉන්දිකා රාමනායක)

වත්තල ඇවරිවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ  පුද්ගලයකු නිවැසියන්ගේ පහරකෑමට ලක්ව මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ (32) හැවිරිදි පුද්ගලයෙකි. කිසියම් කොල්ලයක් සඳහා මොහු මෙම නිවසට ඇතුළු වී ඇතැයි පොලිසිය සැකකරයි 

බලය පාවිච්චි කිරීමක් හේතුවෙන් පහර කා මෙම මරණය සිදුව ඇති බවත් , දණ්ඩ නීති සංග්‍රහයේ 96 වගන්තිය අනුව රාත්‍රී කාලයේ ගෙවල් බිදුමකට පැමිණි පුද්ගලයකුට මරණය දක්වා බලය පාවිච්චි කළ හැකි බවට සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත.

 



අදහස් (13)

කොල්ල කෑමට ඇවිත් නොඑන ගමන් යයි

CHANDA Saturday, 10 July 2021 09:28 AM

දණ්ඩ නීති සංග්‍රහයේ 96 වගන්තිය අනුව රාත්‍රී කාලයේ ගෙවල් පිදුමකට පැමිණි පුද්ගලයෙකුට මරණය දක්වා බලය පාවිච්චි කළ හැකි බවට සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. මරු කතාව...

:       11       88

BamunuarachchiSaturday, 10 July 2021 04:54 PM

ඇයි මොකද බය වුණාද? කරන දෙයක් දවල් කරන්න. ඔන්න රෑ ගියොත් ගෙදර එනවා ෂුවර් නැහැ.

:       3       30

Nihal Saturday, 10 July 2021 03:02 PM

එළියෙන් මරලා ගෙට ගේනවා. මිනී මරලා බේරෙන්න නියම ක්‍රමයක්... ලෝකෙටම එකයි.

:       7       50

BamunuarachchiSaturday, 10 July 2021 04:56 PM

රහස් පරීක්ෂකවරු මැට්ටන් නම් අන්න පුළුවන්...!!!

:       4       13

මුණසිංහ Saturday, 10 July 2021 04:02 PM

ඇත්තටම මේ නීතිය ගැන ජනතාව දැනුවත් නැහැ. ඒ බව දැනුවත් කළාට ඔබතුමාට ස්තුතිය..! වරෙල්ලකෝ රෑට ගෙට රිංගන්න. ආයේ දෙකක් නෑ....

:       15       36

BamunuarachchiSaturday, 10 July 2021 04:58 PM

ඇයි දාලා යන්නේ? මේ ටිකත් අරන් යන්න පුතා කියලා දෙනවා නේද..?

:       25       1

AselaSaturday, 10 July 2021 06:16 PM

මුණසිංහට අන්ලයික් කරලා තියෙන්නේ හොරු සෙට් එකක්...

:       0       0

rocky Saturday, 10 July 2021 06:53 PM

බුදු සන්තෝ, අපේ බමුණු ආරච්චි මහත්තයා තවම ඉන්න බව දැනගන්න ලැබීම මාර සතුටක්... ඉතින් කොහොමද මහත්තයෝ...? මෙච්චර කල් හිරේටවත් කොටුවෙලා හිටියද?

:       0       8

BamunuarachchiSunday, 11 July 2021 11:24 AM

බරපතල වැඩ ඇතිව හිරේට කොටු වෙලා දැන් අවුරුදු 50ක් වෙනවා.

:       0       0

BamunuarachchiSunday, 11 July 2021 05:06 PM

දණ්ඩ නීති සංග්‍රහයේ 92 සිට 96 වගන්තිය කියවලා බලන්න මොනවද කියවෙන්නේ කියලා...

:       0       0

සංජීව Saturday, 10 July 2021 07:24 PM

දණ්ඩනීති සංග්‍රහයේ රාත්‍රී කාලයේ ගෙවල් බිඳීම දිවා කාලයේ එම වරද කිරීමට වඩා බලවත් වරදක් ලෙස දක්වා තිබෙනවා. එයට හේතුවක් විය හැක්කේ අද මෙන් නොව මෙම නීතිය සම්පාදනය කල එක්දහස් අටසිය ගණන් වලදී ලංකාවේ විදුලිය ප්‍රචලිතව නොතිබීම හේතුවෙන් රාත්‍රී කාලයේ මිනිසුන්ට ඉතා අනාරක්ෂිතව සිටීමට සිදුවීම විය හැකිය... මෙම නීති වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය විය යුතුයි. මන්ද එකම වරද සිදුකළ විට දිවා රාත්‍රීය අනුව දඬුවම වෙනස් විය යුතු නැති බැවින්...!!

:       0       1

සමන්ත Saturday, 10 July 2021 08:12 PM

අජිත් රෝහණ නීතිඥයෙකු වුනේ නාමල් රාජපක්‍ෂ ගිය පාරේ ගොස් දැයි මට බරපතල සැකයක් තිබේ. නීතියේ මූලධර්ම අනුව යල් පැන ගිය අධිරාජ්‍යවාදීන් හඳුන්වාදුන් නීති අද ලෝකයේ භාවිතා නොකරයි. දණ්ඩ නීති සංග්‍රහයේ පවතින සියල්ල යුක්තියේ මූලධර්ම නොවේ. යම් යම් නීති පවත්නා වාතාවරණය සමග සමපාත විය යුතුයි​. අයුතු ලෙස පුද්ගලික දේපලකට ඇතුල්වීම වරදක් වුවත් ඔහුව ආරක්‍ෂා කිරීමට සහ හානි නොකිරීමට දේපල හිමිකරුවා බැඳී සිටියි. එය හොරෙකුටද අදාලය​. මරණය හෝ මරණීය තුවාල සිදුකිරීම මගින් ඔවුන් වරදක් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන වල මතයයි. මොවුන් මිනී මැරුම් චෝදනාවක් සඳහා වරදකරුවන් ය.

:       11       1

නිමල් Saturday, 10 July 2021 09:12 PM

මුට්ටිය දාල බැලුවා නම් ඔහොම වෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 788 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site