IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

විල්පත්තුව රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිතයේ ගස් කපා වනාන්තර එළිපෙහෙළි කිරීමට ඉඩ නොදෙන බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) අභියාචනාධිකරණයට පොරොන්දු විය.

මේ සම්බන්ධව ගොනු කර ඇති පෙත්සමේ විභාගය අවසන් වනතුරු මෙම පොරොන්දුව බලපාන බවද වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට කියාසිටියේය.

කල්ලාරු රක්ෂිතයේ ඇතැම් ප‍්‍රදේශ එළිකිරීම් සහ නීතිවිරෝධී අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් ගොනු කර ඇති පෙත්සමක් අද (22) යළි විභාගයට ගත් අවස්ථාවේදී වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ මහතා  මෙසේ දැනුම් දුන්නේය.

ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත  අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ මහතා  අධිකරණය හමුවේ කියාසිටියේ මෙම නඩුවට පාදක වන රක්ෂිත වනාන්තර කලාපයේ තවදුරටත් ගස් කපා එළිකිරීමට ඉඩ නොදෙන බවට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිඛිත පොරොන්දුවක් අධිකරණය හමුවේ කර ඇති බවයි.

අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන ලබන 31 වනදා සිදුකිරීමට අධිකරණය නියම කළේය.

මෙහිදී පෙත්සම්කරු අධිකරණයට දන්වා සිටියේ විල්පත්තු ජාතික වනාන්තර කලාපයට මීටර් 400ක් පමණ ආසන්නයේ පිහිටි මරිච්චුකට්ටු, කල්ලාරු වනාන්තරයේ ඇතැම් ප‍්‍රදේශ කිසියම් පිරිසක් විසින් එළි කර එහි අනවසර ඉදිකිරීම් රැසක් කරමින් තිබෙන බවයි.

වන සංරක්ෂණ පනතේ තුන් වන වගන්තියට අනුව මේ ආකාරයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එම වරදට වරදකරු වන පුද්ගලයකුට වසර පහක් දක්වා සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක් දක්වා දඩ නියම කිරීමට අධිකරණයට හැකියාවක් පවතින පෙත්සමෙන් පෙන්වා දී තිබේ. එබැවින් අදාළ වනාන්තර කලාපය එළිකර අනවසර ඉදිකිරීම්, තහනම් කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම පළමුව අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ විභාගයට ගැනුණු අතර එහි තීන්දුව අගෝස්තු මස 6 වනදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. නමුත් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා නඩු තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් ඉවත් වීම හේතුවෙන් මෙම පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා තීන්දු කළේය.

ඒ අනුව ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් විභාගය යළි පැවැත්වේ.



අදහස් (6)

කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක්

සේන Monday, 22 July 2019 12:23 PM

වන රක්ෂණ අධ්‍යක්ෂක තුමා වනය රකින්නේ උසාවියෙන් කිව්වම විතර නම්, ඔය රස්සාව අත ඇරලා ඒ වැඩෙත් උසාවියටම බාර දෙන්න මහත්තයෝ... තමන්ගේ වගකීම ඉටු නොකරන මිනිසුන් මොටද රටකට...?

:       0       232

රසික Monday, 22 July 2019 01:25 PM

රක්ෂිතයේ අක්කර 6000ක් සිලාවතුර පැත්තෙන් කජු වවන්න කියලා සිවිල් ආරක්ෂක බලකායට දීපු එක ගැන කවුරුවත් කතාකරන්නේ නැත්තේ ඇයි?

:       15       13

AsankaTuesday, 23 July 2019 04:54 AM

බොරු කියන්න එපා

:       0       1

Bamunuarachchi Tuesday, 23 July 2019 04:40 AM

ඒ කියන්නේ කල්ලරු වනය එළිකරන්නේ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනු දැනුම කැමැත්ත උඩ ද? එහෙමනම් මෙයා වන විනාශක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නම් කරමු. මෙයාගේ අනුදැනුම ඇතිව හෝ නොමැතිව වනය එලි කරන්නේ කව්ද?

:       0       0

sharm warn Tuesday, 23 July 2019 05:03 AM

එතකොට සිංහරාජෙට කරන අපරාධ, සිරිපා රක්ෂිතයේ කරන වන සංහාරය මෙව්වටත් උසාවියෙන් නියෝගයක් දෙනකල්ද බලන් ඉන්නේ? උසාවියෙන් පරිසරය සුරකින්න වෙලා නම් මොකටද පරිසර අධිකාරියක් දාගෙන මෙලෝ වැඩකට නැති අයට පඩි ගෙවාගෙන නඩත්තු කරන්නේ ??

:       0       0

shan Tuesday, 23 July 2019 05:50 AM

මෙතුමාගේකාර්යාලය කල්ලාරු රක්ෂිතය ලගම පිහිටෙවුවනම් මේක කරගන්න තිබුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මුලතිව් වී ගබඩාව යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරයි
2025 ජනවාරි මස 21 235 1

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි වසර ගණනාවක් වසා දමා තිබු වී ගබඩාවක් ශුද්ධ පවිත්‍ර කර යළිත් වී ගබඩා කළ හැකි අයුරින් ප්‍රතිසන්සකරණය කිරීමට මු


පොළොන්නරු - මනම්පිටි දුම්රිය නවතී
2025 ජනවාරි මස 21 376 0

පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) උදේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.


වැඩි මිලට රතු කැකුළු විකිණූ සමුපේට වැඩ වරදී
2025 ජනවාරි මස 21 636 1

යක්කලමුල්ල විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට වඩා රුපියල් 299ක මුදලකට අලෙවි කරමින් සිටියදි කොටුකර ගැනිම


දෙමටගොඩ කසළ ගොඩින් උණ්ඩ මතු වේ
2025 ජනවාරි මස 21 341 0

දෙමටගොඩ මහින්ද ධර්ම මාවතේ පිහිටි කසළ ගොඩක තිබි උණ්ඩ හයක් සොයා ගත් බව පොලිසිය පවසයි



හිටපු ජනපතිවරුන්ගේ නිවාසවල වටිනාකම මනින්න යයි
2025 ජනවාරි මස 21 2366 6

හිටපු ජනාධිපතිවරුන් පාවිච්චි කරන නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 403 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 617 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 336 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site