IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කොල්ලකරුවන්ගේ වෙඩිල්ලෙන් ඉන්ධන හලේ සේවකයා මරුට

(පුෂ්පකුමාර ජයරත්න)

පොල්ගහවෙල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොඩවෙල පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි කොල්ලකරුවන් පිරිසක් කළ වෙඩි තැබීමකින්  සේවකයකු මියගොස් ඇතැයි පොලසිය කියයි.

අද (11) අලුයම   මෙම  සිදුවීම වී ඇති අතර  පැමිණි කොල්ලකරුවන් ඉන්ධන පිරවුම්හලේ   මුදල් කොල්ල කා   පලා යද්දි  කළ වෙඩි තැබීමකින්  සේවකයා මිය ගොස් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 

යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වෙඩි තබා ඇති අතර, කොල්ලය වැළැක්වීමට උත්සහ දැරූ සේවකයා වෙඩි පහරින් මියගොස් ඇත.

අරණායක පදිංචිකරුවෙකු වන බී.පී.කුමාරසිංහ නමැති 27 හැවිරිදි තරුණයෙකු වෙඩි පහරින් මිය ගොස් තිබේ.



අදහස් (6)

කොල්ලකරුවන්ගේ වෙඩිල්ලෙන් ඉන්ධන හලේ සේවකයා මරුට

Amila Sunday, 11 August 2019 05:32 AM

මෙවැනි දේ වලින් වෙන්නේ රෑට පෙට්‍රල් ෂෙඩ් වහන එක. මෙවැනි දේවල්වලට කරන්න ඕනෑ. මංකොල්ලකාරයින් හොයාගෙන ආයුධ පෙන්නන්න එක්කරන් යන එක. දැන් සීසීටීවී බොහෝමයක් ගෙවල්වල සහ කඩවල තියෙන නිසා අල්ලගන්න එක අමාරුවෙන්නේ නෑ...

:       0       155

Chanak los angelesMonday, 12 August 2019 01:46 AM

එහෙම වහන්න වෙන්නේ නැහැ හිමිකරු මේවා දෙගුණ කරලා රජයට පෙන්වනවා. ප්‍රශ්නය වෙන්නේ සේවකයාට ලංකාවේ මෙවන් අනතුර කඩේ සේවකයාට නිසි අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. කොහොම වුනත් මංකොල්ලයකදී හීරෝ කෙනෙක් වෙන්න මහන්සි වෙන්න එපා කියලයි ලෝකයේ සියලුම සේවා ස්ථානවල සේවකයන්ව දැනුවත් කරන්නේ ..

:       8       12

Raveendra Sunday, 11 August 2019 06:31 AM

දිනෙන් දින අවනීතිය රජකිරීම වැඩිවෙන මෙවන් පරිසරයක අපගේ අදහස් ම්ලේච්ඡ ලෙස වැඩිදෙනෙකු පිළිගනු ඇත. නමුත් මෙවන් අපරාධවලට පිළිතුරු දිය යුත්තේ අපරාධවලින් බැවින් පාතාලයන් යයි කියන නිවටයන් දුටුතැන සමාජයෙන් අයින්කිරීම කළ යුතුයි. මේ වගේ මුරුගයින් ගාල්කර මිනිසුන්ගේ බදු මුදල්වලින් නඩත්තු කිරීමත්, දියවන්නාඔයේ 225ක් නඩත්තු කරනවා හා සමානයි... එසේ ගාල් කිරීමෙන් සමාජයට අවැඩක් වෙනවා මිස හොඳක් නම් නැතිබැවින් එලෙස කිරීම සුදුසු බව අපගේ හැඟීමයි.

:       0       79

Appuhamy Sunday, 11 August 2019 06:55 AM

ඕකට කියන්නේ මෝඩකම.. තුවක්කුවක් තියෙන මිනිහෙකුට අවනත වෙලා පස්සේ එයාව අල්ලන එක තමයි නුවණැතිකම.. ලංකාවේ මෝඩ හරක් බොරුවට චණ්ඩි වෙන්න යනවා.

:       138       126

RuwanSunday, 11 August 2019 10:18 AM

අනේ අප්පුහාමි... මේ අමුඩ යුගය නෙවෙයි.

:       126       22

TharangaSunday, 11 August 2019 10:51 AM

ඇක්ටිව් සෙල්ෆ් ප්රොටෙක්ෂන් කියන යු ටියුබ් චැනල් එක බලන්න , ලංකාව ඇතුළු ලොව විවිධ රටවල සිදුවන මෙවැනි අපරාධ වලදී ජීවිතාරක්ෂාව සලසගන්න ගමන් හැකිනම් අපරාධකරුවන් මෙල්ලකරගන්න ආකාරය සිසිටිවී දර්ශන සහිතව පෙන්වනවා ...

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site