(දිනේෂ් උපේන්ද්‍ර)
පාස්කු ප්‍රහාරයෙන් පසු කුලියාපිටියේ ඇති වූ කළහකාරී තත්ත්වය හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 11ක් සඳහා වූ නඩු 13ක් එළැඹෙන බ්‍රහස්පතින්දා(13) කැඳවන ලෙස නියම කළ කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහතත්මිය එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද (10)නියම කළාය.
එසේ යළිත් රක්ෂිත බන්ධනාගාර ගතවූයේ කුලියාපිටියට නුදුරු ගම් කිහිපයක සැකකරුවන් 11 දෙනෙකි. ඉකුත් මාසයේ 12 වැනිදා මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහරදුන් බවට පොලිසිය සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණ.
කුලියාපිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ මෙම නඩුවේ සැකකරුවන් 11 දෙනාගෙන් 1 සිට 4 දක්වා වන සැකකරුවන් හා 8 හා 9 යන සැකකරුවන් 2007 අංක 56 පනත උල්ලංඝනය කළ බවට සාක්ෂ්‍ය අනාවරණය වූ බවත් සෙසු සැකකරුවන් සම්බන්ධව එවැනි සාක්ෂ්‍ය අනාවරණය නොවූ බැවින් ඔවුන් ස‘හා සාමාන්‍ය නීතිය අනුව කටයුතු කරන බවත් ය.
එකම පිරිසක් වෙනුවෙන් දෙආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි අධිකරණයෙන් කල ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබාදුන් පොලිසිය පැවසූයේ අදාළ පනත සෑදීමේ මුඛ්‍ය පරමාර්ථයම ජාතීන් අතර සමගිය ඇතිකිරීම බවත්, ඒ අනුව නම් කළ සැකකරුවන් එම පනත උල්ලංඝනය වන අන්දමේ සමගියට බාධා පමුණවන සැලසුම් ක්‍රියාත්මක කිරීම, පෙළඹවීම් ඇතිකිරීම ආදී කටයුතු පිළිබඳ සාක්ෂි පවතින බවත්, සෙසු සැකකරුවන් එම පෙළඹවීම් අනුව කලහකාරීව හැසිරුණා වියහැකි බැවින් ඔවුන් වෙනුවෙන් ඇප ලබාදීම පිළිබඳව පොලිසිය විරෝධය නොදක්වන බවත්ය.
තවද පොලිසියට සියලූම සැකකරුවන් අදාළ පනතේ 03 වැනි වගන්තිය ප්‍රකාරව නීතිපති ගොනු යවා කටයුතු කළ හැකිවුවත් සර්ව සාධාරණ ලෙස පරීක්ෂණ සිදුකර සිද්ධියට අහඹු ලෙස හෝ සිද්ධිය දැක එක්වූ පිරිස් වෙනුවෙන් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කියාසිටියේ පෙළඹවීම සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හෝ නොමැතිව පොලිසිය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතෙන් චෝදනා ඉදිරිපත් කර ඇති බවත් සැකකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කර තිබුණත් කිසිවෙකු හඳුනාගැනීමට නොහැකිවූ බවත්ය.
දණ්ඩනීති සංග්‍රහය යටතේ චෝදනා ගොනුකර මේ වනවිට ඇප පවා ලබා ඇති පසුබිමක හැකියාවක් වෙතොත් මෙම සැකකරුවන් වෙනුවෙන්ද අදාළ පනත වෙනුවට දණ්ඩනීති සංග්‍රහය ප්‍රකාරව කටයුතු කරන ලෙසද ඔවුහු පොලිසියෙන් ඉල්ලීමක් කළහ. එමෙන්ම සැකකරුවන්ගෙන් පිරිසක් මුදවා හරින ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඉදිරිපත්වූ සියලූ කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය සුදුසු නියෝගයක් ලබාදීම වෙනුවෙන් නඩුව ආසන්න දිනකදී කැඳවීමට එසේ නියෝග කළාය.
කුලියාපිටිය කොට්ඨාසබාර පොලිස් අධිකාරී සමන් සිගේරා, අංක 1 කොට්ඨාසබාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාමල් පෙරේරා යන මහත්වරු මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූහ.
නීතිඥවරුන් වූ චන්දන යාපා, කැලූම් හෙට්ටිගමගේ, චම්පික ලසිතකුමාර, ආසිරි ප්‍රනාන්දු, අනුරසිරි දිසානායක, දයානි එදිරිසිංහ යන මහත්ම මහත්මීහු සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටියහ.
2025 නොවැම්බර් මස 21
9
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කුලියාපිටියේ සිදුවීමේ සැකකරුවන් 11දෙනා තවදුරටත් රිමාන්ඩ්
සේන Monday, 10 June 2019 03:10 PM
මේ ටික හිරේ දාලා ත්රස්තවාදීන් ටික එළියට දමමු මහත්තයෝ... ඊට පස්සේ අපි දුන්හිඳ ළඟ නටමු රත්තරන්...
SL Tuesday, 11 June 2019 08:38 AM
රංගේ රංගේ කෝ අපේ මදුමාදව ?