දිනේෂ් උපේන්ද්‍ර
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඉගනුම ලබන නිවුන් සහෝදර සහෝදරියන් තිදෙනෙකු සාමාර්ථ නවය බැගින් ලබාගෙන සමත්වී තිබිණ.
නාගොල්ලාගොඩ පිහිඹිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින එම විශිෂ්ඨයින් වනුයේ ඊ එම් දිව්‍යාංජලී දෙව්මිනී කුමාරසිංහ, ඊ එම් නවාංජලී නෙත්මිනී කුමාරසිංහ හා ඊ එම් ප‍්‍රියංජන පියුමන්ත කුමාරසිංහ නැමැති 2018 සාමාන්‍යපෙළ විභාගයට සිංහල මාධ්‍යයෙන් පෙනීසිටි සිසු සිසුවියන් තිදෙනෙකි.
නිවුන් දරුවන්ව ඉපිදි එකටම ශිෂ්‍යත්වය ජයගෙන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත්ව මෙසේ විශිෂ්ඨ ප‍්‍රතිපල තිදෙනාටම ලබාගැනීමට හැකිවීම පිළිබඳව තිදෙනාම මහත් සතුටකින් කතා කළහ.
ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ සිසුහු මෙසේ පැවසූහ.
‘‘අපි ඉපදිලා තියෙන්නෙ එකට. හැදී වැඩුනෙ එකට. පිහිඹිය විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යපනය හැදෑරුවෙ. එතනින් විශිෂ්ඨ ලෙස ශිෂ්‍යත්වය සමත්වෙලා කුලියාපිටියෙ මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණ දවසෙ ඉඳලා අපි පන්තියෙ 1 2 හා 3 ස්ථාන අතර හිටියා. අපි හැමෝටම පුදුම කැපවීමකින් අපේ පාසලේ ගුරුවරු ඉගැන්වූවා. ඒ උගන්වන දෙය ග්‍රහණය කරගන්න විදිහයි වැදගත්වෙන්නෙ.
අපි කවදාවත් පන්ති මගහැරලා නැහැ. ඒ වගේම යාළුවො එක්ක බස් නැවතුමේ එහා මෙහා ඇවිදින්න ඕන කියන හීනමානය අපිට තිබුනෙ නැහැ. අපිට අපේ තාත්තා හොඳ යාලුවෙක්. කවදාවත් අපිට පාඩම් කරන්න බලපෑම් කළේ නැහැ. එයා අපිට නිරන්තරයෙන් කිව්වෙ කිසිවෙකුගෙන් වචන අහන්න එපා කියන එකයි. තාත්තා හැමදාම අම්මා එක්ක අපි ළඟ ඉඳලා සමාජය ගැන කියා දුන්නා. අපිට නීති දැම්මා. ඒ සමාජෙ හොඳ පුරවැසියන් කරන්නයි.
අපි පස්සෙම තාත්තා අම්මා හිටියට අපේ නිදහසට ඒක බාධවක් වුණේ නැහැ. අපි තුන්දෙනාටම මුහුණු පොතේ ගිණුම් නැහැ. ඒ වගේම ස්මාට් දුරකථන භාවිතා කළේ නැහැ. ඒත් අපි සමාජෙන් කොන් වුණෙත් නැහැ. හැම කෙනාම අපිට පුදුම විදිහට ආදරය කළා.‘‘
එම දරුවන්ගේ පියා ජානක කුමාරසිංහ මහතාය. මව අචලා ද දිසානායක මහත්මියය. ඔවුහු මෙසේ පැවසූහ.
‘‘අපි පුදුම වාසනාවන්ත දෙමාපියන්. ඒත් මේ සුන්දර අවස්ථාවෙ එක අමිහිරි මතකයක් සිහිවෙනවා. අපිට නිවුන් දරුවන් සිව් දෙනෙකු ඉපදුනා. අවාසනාවට එක් දැරියක මිය ගියා. අද හිටිය නම් මේ ගෙදර ඒ9 සාමාර්ථ 36ක්. කෙසේවෙතත් අපි නම් ප‍්‍රතිඵල බලන්නවත් උත්සය කළේ නැත්තෙ අපි මේ දරුවන් වැඩ කරපු විදිහට මේ ප‍්‍රතිඵලය කලින්ම දැනගන හිටියා. අපි විභාගෙට දරුවො තුන්දෙනා මහන්සි වෙනකොට කිව්වෙ දැන් ඇති පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා. නමුත් ඒ අය තමන්ගෙ ඉලක්කය සපුරාගෙන තියනවා. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය කියන්නෙ වයඹ ප‍්‍රමුඛ පාසලක්. ඒ පාසලේ දෙමාපිය රැස්වීමෙ වේදිකාවෙ පුටු වෙන් කරනවා. වසරෙම හොඳම සිසුන් 10 ගෙ මවුපියන්ට. ඒ පුටු අපි වෙනුවෙන් වෙන්කරලා දුන්න අපේ දරුවන්ට අපි ණය ගැතියි. මේ වෙනකල් අර වරද කළා, මේ වරද කළා, කියලා කිසිදු පැමිණිල්ලක් අපේ දරුවන්ට එල්ල වෙලා නැහැ.
තම ගුරුභවතුන් වූ හේමමාලි සමරතුංග, වසන්ති පුෂ්පලතා, සනත් වික‍්‍රමනායක යන ගුරුමව්පියවරුන් ඇතුළු සමස්ථ ගුරුවරුන්ම ගෞරවයෙන් සිහිපත් කළ එම දරුතිදෙනා තම අනාගත ඉලක්කය වන වෛද්‍යවරුන් වීමේ අරමුණ ඉටුකරගැනීමට උනන්දු වන බව පැවසූහ.


COMMENTS
ඉතාමත් දුර්ලභගනයේ ප්‍රතිඵලයක් සමහවිට ලෝකයේ පළමු වතාවට වෙන්නත් පුළුවන් ... හරි ලස්සනයි .. අති..විශිෂ්ටයි . . සුබ අනාගතයක් ..!
වාසනාවන්!!
ඉතාම වාසනාවන්ත පවුලක්... දෙමව්පියන් දෙස බැලූවිටත් පෙනෙන්නේ... ඔවුන් ඉතාම උත්සාහවන්ත, සමාජයේ වැදගත් ලෙස ජීවත් වෙන අය බවයි. එහෙම අයගේ දරුවන්ට මේ මිහිතල මතුපිට කිසිදා වරදින්න විදිහක් නැහැ. ඔබ සැමට ජයවේවා...!!!
දරුවනේ නුඹලාට අපගේ උණුසුම් සුබපැතුම් !!!
වාසනාවන්ත දරුවනේ..., ඔබ තිදෙනාට සුබ අනාගතයක්...!!!
තිදෙනාම ඉතාම අහිංසක දරුවෝ.. 6 සිට 11 දක්වා ත්‍යාග ප්‍රධාන උත්සවවලදී තුන් දෙනා පන්ති තුනක පළවෙනි දෙවෙනි ස්ථානවල හිටියේ.. මම මෙහි පිරිමි දරුවට 6 සිට 9 දවා ඉංග්‍රීසි විෂය ඉගැන්නුවා..
කෙනෙක් මහන්සි වී විභාගයක් සමත්වීම අගය කළ යුතු දෙයක්... නමුත් යථාර්තය නම්, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් අද රටේ කල හැකි දෙයක් නැහැ...
දරුවනේ නුඹලා තුන්දෙනාටම ජයෙන් ජයම වේවා කියා ඉතසිතින් පතමි... බුදුසරණයි!!!
සුබ අනාගතයක් දරුවනේ.... ලක්මාතාවගේ සුබ පැතුම්!!!
අහිංසක චාම් ප්‍රියජනක පවුලක්. ඉරිසියා, දුෂ්ඨකම් නැති අයට හොද පන්නරයක් තියෙනවා. දරුවන් තිදෙනාට ඉදිරියේදීත් විශිෂ්ට ජයග්‍රහණ ලැබේවා...
උසස් පෙළත් හොඳටම කරන්න දරුවනේ... දරුවනේ.... ඔබලාට ජයම ලැබේවා... !!!
වාසනාවන්ත දරුවනේ..., ඔබ තිදෙනාට සුබ අනාගතයක්...!!!
වාසනාවන්ත දරුවනේ..., ඉතාමත් දුර්ලභ ගනයේ ප්‍රතිඵලයක්, දරුවන් තිදෙනාට ඉදිරියේදීත් විශිෂ්ට ජයග්‍රහණ ලැබේවා...!!! දරුවනේ නුඹලා තුන්දෙනාටම ජයෙන් ජයම වේවා. බුදුසරණයි!!!
මෙවැනි පින්වත් වාසනාවන්ත දරුවන් ලබන්නත්, දෙමාපියන් පෙර පිනක් කරන්න ඕනේ. සතුටුයි... ඒ වගේම සුබ පතනවා මේ වාසනාවන්ත දරුවන්ට අනාගතය ජයගන්න...
දරුවනේ සුබපැතුම්... මට හිතාගන්න බැහැ මරණයකදී සංවේදී නොවන ජයග්‍රහණයකදී සතුටු නොවන සුබ නොපතන ඉතාමත් අශීලාචාර මිනිසුන් ලංකාවේ පමණක්ද ඉන්නේ කියලා. එච්චරටම තුච්ඡයි, කුහකයි, වංකයි. රට සහ රට වැසියන් මෙතරම් පහත් මට්ටමකට වැටෙන්නේ දේශපාලකයින්ගේ වැරදිවලට පමණක් නොවන බවත් අප සිහි තබාගත යුතුයි.
නියමයි.... සුබපැතුම්!!! සියල්ලන්ටම උ.පෙළටත් ඒ3 බැගින් ගන්න ලැබේවායි පතනවා...
හරිම නිහතමානී, වැදගත් දරුවෝ තුන්දෙනෙක්... මේ වගේ වයසක දරුවෙක්ගේ කටින් ඇහුනමයි අපි ස්මාර්ට් ෆෝන් පාවිචි කරන්නේ නැහැ. අපිට ලැජ්ජාවකුත් නැහැ කියලා. ඒ ගැන ලොකු නුවණක් තියෙනවා තුන්දෙනාටම... දැන් ඉන්න දරුවෝ හැසිරෙන විදිය... කතාකරන විදිය දුටුවාම... රත්තරන් දෙමව්පියෝ, A නාමයට වැඩිය වටිනවා. දරුවෝ තුන්දෙනා හදලා තියෙන විදියට. සමහර දෙමව්පියෝ දුව වෙනුවෙන් ගුරුවරිය දණ ගැස්සුවා. පුතාගේ කොණ්ඩේ කපන්න කිව්වම ගුරුවරයාගේ කණපැලුවා...
ආචාර්‍ය්‍ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමාට පින්සිදුවන්නට ඇතිකළ නිදහස් අධ්‍යාපනයේ මධ්‍ය විද්‍යාල ක්‍රමයේ තවත් එක් ජයග්‍රහණයකි. එතුමා ගේ එම පරමාර්ථයන් අඩාල කරමින් මෙම ගැමි දරුවනට වින කරමින් දක්‍ෂ ගැමි දරුවන් ධනපතීන්ගේ සුපිරියයි කියන පාසැල්වලට කොල්ලකා ගැනීම සඳහා ම මෙම පහේ ශිෂ්‍යත්‍ව පරමාදර්ශය විනාශ කළ, විකෘති කළ වර්තමාන දේශපාලුවන්ට කවදා හෝ කම් පල දෙයි. මෙම දරුවන්ට ජයෙන් ජය පතමි. කන්නංගර මැතිඳුන්ට මෙම පින නිසැකයෙන් ම අත්වේ!
තුනුරුවන් සරණින් දරුපැටවූ තුන්දෙනාටම ජයෙන් ජයම වේවා!
බුදු සරණයි මේ දරුවන්ට.
දෙවිපිහිටයි.....දරුවනි ඔබ යහමග යැවූ දෙමාපියන්ටත්