IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කිලෝමීටර් 211යි - පාලම් 3යි වියදම කෝටි 183 යි

(අජිත්ලාල් ශාන්තඋදය)

දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන් යටතේ මධ්‍යම රජය විසින් 2019 වර්ෂය තුළ  රත්නපුර දිස්ත‍්‍රික්කයට ලැබුණු මුදලින් 66%ක් දිස්ත‍්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා යොදවා ඇති බව දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන) ඩබ්.පී. සමන්තිලක මහතා රත්නපුර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට දැනුම් දුන්නේය.

රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුනේෂ් ගන්කන්ද මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණ ශ‍්‍රවනාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.

එහි ලේකම්ධුරය දරන්නේ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියයි.

එහිදී රත්නපුර දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන්වල ප‍්‍රගතිය පැහැදිලි කරමින් අදහස් දැක්වූ දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන) ඩබ්.පී. සමන්තිලක මහතා මෙසේ කීය.

2019 වසර තුළ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හරහා ලැබුණු ප‍්‍රතිපාදන වලින් රුපියල් මිලියන 1838ක් වැයකර මාර්ග කිලෝමීටර් 211ක් ද පාලම් 3ක් ද සංවර්ධනය කළ බවත් ජීවනෝපාය සංවර්ධනයට මිලියන 110ක් වැයකළ බවත් එය ප‍්‍රතිශතයක් ලෙස 3.9%ක් බවත් ඔහු පැවසීය.

පාසල් දරුවන්ට ගොඩනැගිලි 52ක් සහ ක‍්‍රීඩාපිටි ඇතුළු අධ්‍යාපන භෞතික සම්පත් වෙනුවෙන් රුපියල් මිලියන 105ක් වැයකළ බවද දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන) ඩබ්.පී. සමන්තිලක මහතා සඳහන් කළේය.

මිලියන 14ක් වැයකර සුලූවාරිමාර්ග 45ක් සංවර්ධනය කළ අතර එය 0.4%ක ප‍්‍රතිශතයක් බව ද ඔහු කීය.

මීට අමතරව විහාරස්ථාන 341ක්, කෝවිල් 159ක් මුස්ලිම් පල්ලි 31ක් සඳහා රුපියල් මිලියන 290ක් වැය කළ බවද සඳහන් කළේය.

මීට අමතරව රත්නපුර දිස්ත‍්‍රික්කයේ විදුලිය නොමැති නිවාස 645කට අලූතින් විදුලිය ලබාදන් බවද දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන) ඩබ්.පී. සමන්තිලක මහතා රත්නපුර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට දැනුම් දුන්නේය.



අදහස් (4)

කිලෝමීටර් 211යි - පාලම් 3යි වියදම කෝටි 183 යි

damith Monday, 10 February 2020 06:22 AM

අපේ අහේතුවට තමයි හැමදාම අච්චර, මෙච්චර වියදම් පාරවල්වලට, ගොඩනැගිලිවලට වියදම් කරා කීවට, එක සතයක්වත් කර්මාන්තයක් ඇති කරන්න, දියුණු කරන්න වියදම් කරා කියලා අහන්න නැත්තේ... ඉතින් ණය උගුලට අහුවෙන එක අහන්නත් දෙයක්ද?

:       1       113

Amula Monday, 10 February 2020 12:27 PM

අලුත් දෙයක් කරන්න අලුත් ඔලුවක් තියෙන කෙනෙක් එන්න ඕනේ. නැතිනම් මේ රටේ හැමදාම මෙහෙම තමයි.

:       0       1

පොඩි ළමයා Monday, 10 February 2020 01:08 PM

වැඩිම වියදම රුපියල් මිලියන 341 (ප්‍රතිශතය සදහන් නැත) ආගමික ස්තාන සදහා......

:       0       1

Don Monday, 10 February 2020 01:49 PM

රත්නපුරේ දියුණු කරපු අයට නොබෙල් ත්‍යාගය දෙන්න ඕනෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site