(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය පාලකුඩාව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී රසායනික පොහොර බෙදා හැරීමේ දී සිදුව ඇතැ යි කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පාලකුඩාව ගොවි එකතුව සංවිධානය මගින් හලාවත ගොවි ජන සේවා සහකාර කොමසාරිස් වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම ගොවි සංවිධානයේ එම්.ක්‍රිස්ටි පෙරේරා මහතා පවසයි.
ගොවි ජන සේවා මධ්‍යස්ථානයට ලැබුණු සීමිත පොහොර මිටි සංඛ්‍යාවෙන් කොටසක්, කාර්‍ය මණ්ඩලය හා කමිටු සාමාජිකයින් අතර බෙදා ගැනීම හා මින් ඇතැමුන් විසින් පොහොර මිටි වැඩි මිළට අලෙවි කිරීම ද එවැණි අක්‍රමිකතා ලෙස ඔවුහූ ගොවි ජන සේවා කොමසාරිස්වරයා වෙත පැමිණිලි කර ඇත.
ලූණු,මිරිස් උඩ පහත දෙරටේ එළවලු වගාවේ නිරත ගොවීහූ රසායනික පොහොර අර්බුධයකට මැදිව සිටින මේ මොහොතේ විධිමත් ක්‍රියා පටිපාටියකින් බැහැරව පොහොර බෙදා හැරීම නිසා ප්‍රදේශවාසී සියලු ගොවීහූ අපහසුතාවයකට මුහුණ පා ඇතැ යි ඒ මහතා වැඩි දුරටත් පවසයි.
ඒ නිසා මේ පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුහූ සහකාර ගොවි ජන සේවා කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
අප මේ පිළිබදව හලාවත ගොවි ජන සේවා දිස්ත්‍රික් කාර්‍යාලයේ සහකාර කොමසාරිස් ජී.කේ.එස්.පුෂ්ප කුමාර මහතාගෙන් විමසූ වෙමු. ඒ මහතා පැවසුවේ රටේ පොහොර අර්බුදයක් තිබෙන නිසා එවැණි පැමිණිලි විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති බවය.
ඒ නිසා මෙම ගොවීන්ගේ පැමිණිල්ල පිළිබදව නිශ්චිතවම යමක් ප්‍රකාශ කළ නොහැකි බවත් පැමිණිලි සියල්ල පිළිබදව සොයා බලන බවත් ඒ මහතා පැවසුවේ ය.
ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහ
රුසියාවේ රෝහලක බිම් මහලේ ජීවත්වූ කිලෝ ග්‍රෑම් 17 ක් බර යෝධ පූසෙක් එරට සතුන්ට ආදරය කරන පිරිසක් විසින් ඉකුත්දා සොයාගනු ලැබීය.
දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන
වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්
රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහ
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
කල්පිටි ගෙවීන්ගෙන් කොමසාරිස්ට ලිපියක්