IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කල්පිටිය නාවික හමුදා කඳවුරේ වෙඩි තබා පළා ගිය සෙබළා බාර වෙයි

ලලිත් නවරත්න

කල්පිටිය මොහොත්තුවරම් නාවික හමුදා අනුකණ්ඩයේ නාවික හමුදා නිලධාරියෙකු මරණයට පත්කරමින් තවත් නිළධාරීන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් වෙඩිතැබීමක් සිදුකර පළාගිය නාවික හමුදා සෙබළා අද (30) ඉච්චන්කාඩු නාවික හමුදා  අනුකණ්ඩයට බාරවී ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.

මෙසේ භාරවී ඇත්තේ කල්පිටිය මොහොත්තුවරම් නාවික හමුදා අනුකණ්ඩයේ සේවය කළ නායක සෙබළ පී. ඒ. ආර්. ආර්. හේරත් නැමැත්තෙකි.

ඉකත් 28දා මධ්‍යම රාත‍්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර මෙම වෙඩි තැබීමෙන්  මරණයට පත්ව ඇත්තේ නාවික හමුදා සුලූ නිළධාරී කේ. එස්. විජේවීර නැමැත්තෙකි.

මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ නාවික හමුදා බලනැවි  ඩබ්. එම්. ඞී. එස්. කුමරසිංහ සහ නාවික හමුදා ඉංජිනේරු කාර්මික ඒ. ඒ. එස්. එම්. අතුකෝරල මේවන විට පුත්තලම රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

වෙඩි තැබීමෙන් ඝාතනයට පත් නාවික හමුදා නිළධාරියාගේ මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවතින තත්වයන් හමුවේ පැවැත්වීමට නොහැකිවී ඇති අතර එය අද පුත්තලම රෝහලේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව සැකකරු අද දින පොලිස් භාරයට ගෙන ඉදිරි පරීක්ෂණ පැවත්වීමට නියමිත බව පොලීසිය පවසයි.



අදහස් (0)

කල්පිටිය නාවික හමුදා කඳවුරේ වෙඩි තබා පළා ගිය සෙබළා බාර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site