(නිමල කොඩිතුවක්කු)

කොවීඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම මත දුම්රියයන් සදහා කලින් ආසන වෙන් කරගත් මගීන් සදහා එම වෙන් කර ගත් ආසන සදහා නැවත මුදල් ගෙවීමේ කටයුතු  ආරම්භ කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසෙකර මහතා ලංකාදීපයට  පැවසීය.

ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට දුර ගමන් සේවා සඳහා කලින් ආසන වෙන්කර ගත් මගීන් සඳහා එම මුදල් යළි ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

මෙයට අමතරව කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන ගාලු කුමාරි දුම්රිය සඳහා කලින් අවසන වෙන් කර ගැනීමේ පහසුකම් සලසා දී ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.