( රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය ඉයක්කච්චි නිත්තිය වෙඩ්ඩෙයි ප්‍රදේශයේදී නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
එමෙන්ම තුවාල ලැබූ කේන්තාවගේ නිවස පරික්ෂා කිරීමේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩියට සාමාන වූ කොඩියක් සඟවා තිබියදී සොයාගත් බවටද පොලීසිය පැවසීය.
මෙම කාන්තාව කිසියම් සැමන්ටින් එකක් යොදා පුපුරණද්‍රව්‍ය ප්‍රමාණයක් එක් කොට බෝම්බයක් වැනි යම්ක් සෑදීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපතල තුවාල ලබා ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලී වී ඇත.
අදාල පුපුරණද්‍රව්‍ය යොදා සකසන ලදදේ කුමක්ද යන්න මේ වන විට පරික්ෂණ සිදු කෙරෙන අතර තුවාල ලැබූ කාන්තාව 35 හැරිදි කාන්තාවක් වන අතර මේ වන විට ඇය යාපනය ශික්ෂණ රඟහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
කෙසේ නමුත් නිවසේ තිබී කොටි සංවිධානයේ කොඩියක් තිබී හමුවීම හා අදාල පිපිරීම සම්බන්ධයෙන්ද මූලික පරික්ෂණ පලෙයි පොලීසිය සිදු කළද ඉදිරි පරික්ෂණ කටයුතු සිදුකරගෙන යාම සඳහා යාපනය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිදු කිරීමට නියමිත බවටද පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිලිනොච්චියේ නිවසක පිපිරීමක්
theshan Sunday, 05 July 2020 06:03 AM
මෙය රතු ධජයයි.... සියලුම ආරක්ෂක ඒකක සෝදිසියෙන් සිටිය යුතුයි.
MOHOME Sunday, 05 July 2020 08:53 AM
පොහොට්ටුවට, ඡන්ද ව්‍යාපාරයට හොඳම මාතෘකාවක් හම්බවුණා.. ‘‘කොටි නැගිටිනවෝ‘‘...