
(තුසිත කුමාර ද සිල්වා සහ ජයන්ත සමරකෝන්)
කලුතර බන්ධනාගාරයේ ‘කොරෝනා වාට්ටුවේ ‘ රඳවා සිටි රැඳවියන් දෙදෙනකු අද (02) අලුයම බන්රැධනාගාර තාප්පයෙන් පැන පලා ගොස් ඇත.
රැඳවියන් තිදෙනකු පලා යාමට උත්සාහා දරා ඇති අතර දෙදනකු පලා ගොස් එක් අයක් ඒ අවස්ථාදෙීම අත්අඩගුවට ගෙන ඇත.
මෙම රැඳවියන් තිදෙනා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූවන් බවත් ඉන් එක රැඳවියකු බේරුවල පින්හේන පදිංචි බේරුවල පොලිසිය මගින් බන්ධනාගාර ගත ගත කර වූවකු බව කියයි.
සෙසු රැඳවියන් දෙදෙනා කළුතර දකුණ පොලිස් වසමට අයත් පුන්සිරි ගම ගල්පාත සහ බෝම්බුවල කලුතර දකුණ යන ලිපිනයන් වල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
ඔවුන් දින 14 ක් යන තුරු බන්ධනාගාරයේ පිහිටුවා ඇති කොරෝනා වාට්ටුවේ රඳවා තබා ඇති අතර අද අලුයම ඉන් මිදී පලා ගොස් තිබේ.
බන්ධනාගාරයෙන් පලාගොස් ඇති මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි උසස් නිලධාරියෙක් පැවැසීය.
බන්ධනාගාරයේ ඉදිකර ඇති කොරෝනා වාට්ටුවේ මේ වන විට දින 14 ක් යනතුරු සැකකරුවෝ 200 කට අධික පිරිසක් රඳවා සිටිති.
COMMENTS
පැන්නේ කුඩුකාරයෝ නම් ඇතුලේ නිලධාරීන්ගේ සහාය ලැබුණාදැයි සොයලා බලන්න.
මාධ්‍ය ප්‍රකාශක කියන දැඩි ආරක්ෂාව කෝ?