(නිමල කොඩිතුවක්කු)
ආනගතය ගැන සිතා කටයුතු කළේ නම් මහවැලි ගඟට පෙර කැලණි ගඟ කළමනාකරණය කරමින් බහුකාර්ය යෝජනාවක් ගෙන ඒමට තිබූ බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (26) පැවැසීය.
ගංවතුර පාලනය කිරීම , මගී ප්‍රවාහනය සඳහා කැලණි ගඟ යොදා ගැනීම සහ කැලණි ගඟ අවට නව නගර ඉදිකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ කැලණිය වත්තල ප‍්‍රදේශයේ ගංවතුර පාලනය සඳහා විසඳුමක් ලෙස දේශීය තාක්ෂණයෙන් සහ සැලසුම් අනුව ඉදිකෙරෙන ඔලියමුල්ල ජල පොම්පාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (26) සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීවේය.
‘‘පෑලියගොඩ, වත්තල, කොලොන්නාව ප‍්‍රදේශවලට පසුගිය දශක දෙකක පමණ කාලය තුළ විවිධ පළාත් වලින් පැමිණි කොළඹ නගරයේද පදිංචි මේ පළාතේ පවුල් 90,000 ක් පමණ පිරිසක් එතරම් යහපත් නොවන නිවාස පද්ධතිවල ජීවත් වෙනවා. ඒ වගේම ඒ අය නිරන්තරයෙන්ම මේ ගංවතුර උවදුරට ලක්වෙනවා.
මේකට අපි මුහුණ දෙන්න නම් මේ කැලණි ගඟ අපි පාලනය කරන්න ඕනේ. අපි අනාගතය ගැන හිතුවා නම් මහවැලි ගඟට කලින් කළමනාකරණය කරන්න, පාලනය කරන්න, බහුකාර්ය යෝජනාවක් ගේන්න තිබුණේ කැලණි ගඟට. අප විසින් අද ඒක ගෙනවිත් තිබෙනවා.
මේ කැලණි ගඟ දෙපස ගංවතුර පාලනය සඳහා පොම්පාගාර ඉදිකරන්න පැති බැමි ඉදිකරන්න, ඒ වගේම කැලණි ගඟ මගී ප‍්‍රවාහන කි‍්‍රයාවලියට දායක කර ගන්න, ඒ අවට නව නගර ඉදිකරන්න පියවර ගත යුතුයි.
ලබන වසරේ ජනවාරි මාසයේදී කඩසාප්පු 1200 ක් සමඟ මැනිං වෙළෙඳ සංකීර්ණය, කොළඹ තිබෙන සියලුම තොග වෙළෙද සැල් ඊළඟ අදියරේදී එම ස්ථානයට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. එවිට මේ කලාපය බලගතු ආර්ථික කලාපයක් වෙනවා.
ඒ සමඟම සමාජ ප‍්‍රශ්න ඇතිවීමට නියමිතයි. අපට මේ අවස්ථාවේදී මේ කලාපය තුළ නිවාස ලබාදීමට නොහැකියි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කළා හේනමුල්ල නිවාස සංකීර්ණයට යන්න කියලා. නමුත් අපි ඉදිරියේදී මේ පෑළියගොඩ තෝරාගෙන තිබෙනවා,අඩුආදායම් ජනතාවට නිවාස යෝජනා ක‍්‍රමයක් ගෙන එන්න. නාගරික සංවර්ධන අධිකාරිය මගින් මේ වසරේදී එහි වැඩකටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ ගංවතුර ගැටළුව විසඳා ගැනීමෙන් හා දුගී ජනතාවගේ නිවාස ප‍්‍රශ්නය විසඳා ගැනීමෙන් පසුව ගංවතුරෙන් බැටකාපු නිරන්තරයෙන් ගැටළුවලට මුහුණ දුන් ඒ ජනතාවට සහනයක් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා’’ යැයි ද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 4ක් ඉවරයි.. ඔයාලා තවම හීන දකිනවා. ඕවා ගෝඨාභයට ලොකු දේවල් නෙවෙයි...
රටේ පාලම් හදද්දී නම් ජල මාර්ගවල ප්‍රවාහන කටයුතු ගැන හිතපු බවක් නම් මේ වනතෙක් හිටපු කිසිම ආණ්ඩුවකින් පෙනුනේ නැහැ. කරන්න පුළුවන් නම් ඉතාම අනගි කාර්යයක්. වත්තල හරහා මට්ටක්කුලියට ප්‍රවේශවෙන පාලම යටින් ලොකු බෝට්ටුවකට ගඟ තුළට ඇතුල් වෙන්න බැහැ. ඒ නිසා සියලුම බෝට්ටු නවත්වන්නේ හැමිල්ටන් ඇලේ. හැමිල්ටන් ඇලෙත් පාලම් ගොඩක් පහත් හින්දා කිසිම ට්‍රෝලර් එකකට ඒවා යටින් යන්න බැහැ. මට්ටක්කුලියේ පාලම හදද්දී මේ ගැන කල්පනා කරලා නැහැ. මීගමුවේ ලෙල්ලම අසල තියෙන පාලම් 2 සුද්දගේ කාලේ හදපු ඒවා. ඒවා යටින් වර්තමානයේ තියෙන ලොකු බෝට්ටුවලට කලපුවට ඇතුල් වෙන්න බැහැ. මීගමුව කියන්නේ ලංකාවේ විශාලම ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටු තියෙන පළාතක්. නමුත් බෝට්ටු හිමිකරුවන්ට කිසිම පහසුකමක් රජයෙන් ලබාදීලා නැහැ. ඒ පාලම් දෙකෙන් එකක් ට්‍රෝලර් එකක් යන්න පුළුවන් විදියට උසින් හැදුවා නම් ගොඩක් ධීවර බෝට්ටුවලට කලපු නවත්වන්න පුළුවන්... නමුත් පේනතෙක් මානයක එහෙම අදහසක් කිසිම ආණ්ඩුවකට නැහැ. රට වටේම විශාල මුහුදක් තියෙනවා. නමුත් මුහුදෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයෙන් 10%ක් වත් ගන්න මේ රටේ මිනිස්සුන්ට හැකියාවක් ආණ්ඩු ලබාදෙන්නේ නැහැ.
කාලා කාලා, අන්තිමට යන්න කිට්ටුවෙලා තමයි ආපු වැඩේ මතක්වෙලා තියෙන්නේ...
ඇමතිතුගේ අදහස බොහොම හොදයි. ලංකාවේ අය සෑම දෙයකටම දේශපාලනය ඇද ගන්නවානෙ. දැනට තිබෙන ක්‍රමය අනුව වැස්ස නැති කාලයට අඹතලේ පොම්පාගාරයට මුහුදු ජලය එන එක නේද වලකන්න ඕනෙ. වතුර රඳවා තැබීමට දැරනියාගල පැත්තේ සීතාවක ඔයේ ජලාශයක් සාදන්න අදහසක් නැද්ද. කලකට පෙර කල අධ්‍යනක මේ බව සඳහන් වී තිබුණා.
දැන් ආපහු කියවන්න පටන් අරන්. දෙගොල්ලම ඉවරයි මේ පාර.
ඔන්න මිනිසුනේ පොරොන්දු මල්වෙඩි සැණකෙළිය ආරම්බ වෙන්නයි යන්නේ .
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්. සාදු කාර දී ඩිපෙන්ඩරයක නැගී වරෙන් . අපි ඔරුවේ නැගල එහා මෙහා යනකොටවත් පොලිස්සියෙන් සෙකියුරිටි දාගෙන අජානේය අශ්වයෙක් යන වේගෙන් යන වාහන නැති වෙලා යයි නේද?
අහ්හ් මෙයාටත් හැලිය රත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අවුරුදු 4ක් නිදාගෙන ඉදලා දැන් එනවා අපිට ලොකු කතා කියන්න .. මෙයාට ආයෙමත් ඡන්දෙ දෙනවද ඔයාලා ?
ආණ්ඩුවේ කාලේ ඉවර වෙන්න කිට්ටු වෙනකොට වැඩ කරන්න පටන් ගන්නේ. අවුරුදු දෙකෙන් දෙකට මැතිවරණ තිබුනානම් මීට වැඩ වැඩක් කරයි වගේ
මෙයාට දේශපාලන මන්දපෝෂණය හැදිලා වගේ .ගණන් ගන්න එපා.
අවුරුදු 10 බලයේ උන්නු අයියට මල්ලිට කරගන්න බැරි උණු දේ දැන්ද මහා ලොකු දේවල් නෙමේ කියන්නේ. අර පෙන්නේ නැද්ද කොටුවේ පාවෙන සංකීර්ණ සාප්පු හැදුවා බල්ලෙක් වත් යන්නේ නැහැ ඒවාට. කවදාවත් යට නොවුණු බම්බලපිටිය යත් යට වෙනවා අයියෝ සල්ලි තමයි.
කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන් ...........