(ෂේන් සෙනෙවිරත්න)

දැනට කල් දමා ඇති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග ලබන වසරේ මුල් මාස 06 ඇතුළත බාධාවකින් තොරව පැවැත්වීමට විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඒ බව අවධාරණය කළේය.

ජනවාරි මස 03 වැනිදා පාසල් නැවත විවෘත කරනවා. පාසල් වර්ෂය හමාර වන්නේ අප්‍රේල් මාසයේ. එම කාලය තුළ දැනට මග හැරී තිබෙන අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබනවා.

05 වසර ශිෂ්‍යත්වය ජනවාරි තුන්වන සතිය සතියේ පැවැත්වීමට කටයුතු සිදුකරමින් පවතිනවා. උසස් පෙළ විභාගය පෙබරවාරි මස 01 වැනි දා පටන් ගන්නවා.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස ආරම්භ කොට ජූනි මස අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

සිංහල හින්දු අලූත් අවුරුද්දෙන් පසු පළමු ශ්‍රේණිය නිලවශයෙන් ආරම්භ වන බවද අධ්‍යාපන මන්ත්‍රීවරයා පැවසීය.