IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කාර් දෙකක් මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

මොරගහහේන හෝමාගම මාර්ගයේ යකහලුව ප්‍රදේශයේදී අද (24) අලුයම මෝටර් රථ දෙකක්  මුහුණට  මුහුණ ගැටීමෙන් 17 හැවිරිදි තරුණයකු මියගොස්  තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

මියගොස් ඇති තරුණයා හොරණ මිල්ලෑව පදිංචිව සිටි පාඨමාලාවක් හදාරන 17 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයා තවත් තරුණයන් තිදෙනකු සමග කහතුඩුව ජයවර්ධන වත්ත ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ පැවැති  මත්පැන් සාදයකට ගොස්  යළි  මිල්ලෑව නිවස බලා පැමිණෙමින් සිටියදී  මොරගහහෙන යකහලුව වංගුවේදී මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් මොරගහහේන සිට හෝමාගම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි .

අනතුරින් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ඉදිරිපස වම් පස ගමන් ගත් පුද්ගලයා බවත් ඊට පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයාද  බරපතළ තුවාල ලබා ඇති බවත් පොලිසිය කියයි .

අනතුරක් සමගම තරුණයන් ගමන්ගත් මෝටර් රථයේ ඉදිරිපස සිරවී සිටි මියගිය තරුණයාව දැඩි පරිශ්‍රමයක් දරා  පිටතට ගත්තද ඔහු ඒ වන විටත් මිය ගොස් තිබූ බව ගම්වාසීයෙක් පැවසීය. 

අනෙක් මෝටර් රථය තරුණයන් ගමන් ගත් මෝටර් රථයේ ගැටීමත් සමඟම  විසිවී ගොස්  අසල තාප්පයක ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි .

මියගිය තරුණයා ගමන් ගත් මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .

අනතුරින් මෝටර් රථ දෙකටම බරපතල අලාභ සිදු වී ඇත.මොරගහහේන පොලීසිය පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

කාර් දෙකක් මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site