
(එච්. එම් ධර්මපාල )
ගල්කිස්ස පොලිස් වසම තුළ කේරල ගංජා ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා සන්තකයේ තබාගෙන සිටි රුපියල් ලක්ෂ 5 කට අධික වටිනා ගංජා කිලෝ දෙකක් සමඟ අද (01) ශ්‍රී ධර්මාරාම පාර ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි .
සැකකරු රත්මලාන ශ්‍රී ධර්මාරාම පාර පදංචි වයස අවුරුදු (26) ක් වන අතර දීර්ඝ කාලීනව මෙලෙස කේරල ගංජා ජාවාරම සිදුකරගන යමින් රතාමලාන , ගල්කිස්ස , දෙහිවල, මොරටුව ලුනාව යන පුදේශ වලට බෙදාහැර ඇතැයිද පොලීසිය පැවසීය.
මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමේදී සන්තකයේ තබාගන සිටි මෙම ගංජා තොගය සමඟ ධර්මාරාම පාර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd