(කාංචන කුමාර ආරියදාස)
විදේශ රටවලින් කිරිහරක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ අදියරක් යටතේ විදේශ රටකින් ලබාගත් රුපියල් කෝටි 131 මුදලක් පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද (29) දඹුල්ලේ දී පැවසීය.
සමස්ත ලංකා කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය සහ විදේශ රටවලින් ගෙනා කිරි ගවයන් මිලදී ගත් ගොවීන් එක්ව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
2017 වසරේ විදේශ සේවා සම්පත් දෙපාර්තමේන්තුව මඟින් කිරි හරක් ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ නමුත් මුදල් වෙන් වී නොමැති බව එම ආයතනයෙන් ලිඛිතව දැනුම් දී තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. එම ලිපිය පසුගිය වසරේ මැයි මාසයේ 09 වන දින ලබාදී තිබෙන බවත් එහෙත් මැයි මස 08 වන දින විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මැදිහත්වීම මත රුපියල් කෝටි 131 මුදලක් වෙලාඩ් නමැති පෞද්ගලික ආයතනයකට කිරිහරක් ගෙන්වීම සඳහා ලබාදී තිබෙන බවත් එම මුදලට මෙතෙක් කිසිදු ගවයෙක් ගෙන්වා නැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කිරි ගොවියකු වූ කේ. ජී. කේ . ඩබ්ලිව්. සේනානායක මහතා කියා සිටියේ මේ වන විට තම ගොවිපලේ කිරි ගවයන් විශාල වශයෙන් මිය යන බවත් අවශ්‍ය කිරි ප්‍රමාණය නොමැතිවීම නිසා සිය ආර්ථික තත්වය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන බවත්ය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙදෙනෙකු කිරි ගවයන් මිලදී ගත් බවත් එම අයට පෞද්ගලික කිරිහරක් ගැන්වූ ආයතනය මගින් මුදල් වියදම් කර එම ගොවිපලවල් පවත්වාගෙන යෑමට අවශ්‍ය විශාල මුදලක් වියදම් කරමින් සිටින බවත් ගුණතිලක බණ්ඩාර නම් කිරි ගොවි ව්‍යාපාරිකයා කියා සිටියේ ය.
මීට අමතරව සිගිරිය ගෙඩිගස්වාලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකුගේ ගොවිපලක තැන තැන මැරී සිටින කිරි දෙනුන් වළ දමන ආකාරය දැකගත හැකිවිය. එම භූමියේ කිරි ගවයින් 70කට වැඩි ප්‍රමාණයක් වළදැමූ සුසාන භූමියද ගොවීහු පෙන්වූහ.





COMMENTS
අප්පච්චි මළානේද?
මේ රටේ ,රටට වැඩක් කරන ගොවියන්ට කරන හිරිහැර වලට හෙන ගහන්න ඕනේ.....
නාමල් මහත්තයෝ මට මතකයි 2005 වසරේ ඔබ අපේ ගමට අාව වෙලාවක අපේ නිවසට අැවිත් කුරහන් පිට්ටුයි, වැව් මාළුයි මුංඅැට හොද්දයි, මඤ්ඤොක්කා කොළ මැල්ලුමයි එක්ක ගියා. හැබැයි එ් සෝබනෙට නොව පොලොවේ පය ගහලා ඉන්න මිනිහෙක් නිසා බව අපි දන්නවා. ඊට අවුරුදු 12ට පස්සේ ඔබතුමා මගේ පියා දැකලා එදා මතකෙට ඔබතුමාම ළඟට අැවිත් කතාකරලා තියනවා. ඔබ ගොවිකම හොඳින් හඳුනන ගොවි ජනතාව වෙනුවෙන් ගොවි නායකයෙක් විදියට නියම නායකත්වයක් දෙනවා. සමහරවිට ඔය ජනතාව තමන්ව ගොනාට අන්දපු මැති අැමතියන්ටම නැවත වතාවක් කතිරේ නොගහයි කියලා හිතන්න අමාරුයි. නමුත් ඔබතුමන්ලා අැර වෙන මොන නායකයාද මේවා වෙනුවෙන් කතා කරන්නේ...? ඔවුන් දේශපාලන බල පොරයට පමණයි ජනතාව මතක් වෙන්නේ... ඔබතුමන්ලා දේශපාලනයේ ඉන්නකන් රට ගැන අපි යම් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. යම් දවසක මේ රටේ ජනතාව දිනන දවසක් එනවා...
කිරිහරක් වෙනුවට කිරිඑළදෙනුන් ගෙන්වන්න කියලා ඔය මහත්තයට බැරිද උද්ඝෝෂණයක් සංවිධානය කරන්න...?
වැඩිපුරත් ඉන්න එකේ තව උන් එයි.
අපොයි මොකටද අමුතුවෙන් ගෙන්වන්නේ? අර තමන් කැමති පාටවලින් තෝරාගත්තු පට්ටියක්ම දියවන්නාව පැත්තේ ඉන්නේ.
ලංකාවේ කිරි ලීටරයට රුපියල් 60යි. වතුර බෝතලේ 150යි. කොහොමද දේශීය කිරි ගොවියගේ තත්වේ..?
ලංකාවේ කෘෂිකර්මයට, සත්ව පාලනයට, ගොවියන්ට කුඩම්මාගේ සැලකිලි..
හොර තක්කඩි! මේ හැතිකරේටම හෙන ගහන්න ඕනෑ! ඡන්දෙ දෙන එකෙන් අපි කරන්නේ මොවුන්ට රටම කන්න ලයිසන් එකක් දෙන එකයි. මේ දෙගොල්ලටම ඡන්දෙ දෙන්න එපා. මීට වඩා ටී.එන.ඒ. කාරයෝ හොඳයි!