(කේ. ඩී . දේවප්‍රිය, එම්. කේ. නන්දසේන සහ දිලීප් ජයසේකර)
කතරගම දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළදී අද (03) පුද්ගලයකු ගිනි තබා ගැනීම හේතුවෙන් විහාරස්ථානයට සුළු හානි වී ඇත.
කිරිවිහාරස්ථානය වෙත පැමිණි එම පුද්ගලයා පෙට්‍රල් යොදාගෙන දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවත් ගිනි තබා ගත් අවස්ථාවේ එහි සිටි කපු මහතුන් හා බැතිමතුන් ජලය ඉස ඔහුව බේරාගෙන ඇති බවත් පැවසේ.
තුවාල ලැබූ තැනැත්තා කතරගම දිසා රෝහලටත් ඉන් පසු දෙබරවැව මූලික රෝහලටත් මාරු කර යවා ඇත.
රෝහල් ගත් කර ඇත්තේ තිස්සමහරාම රන්මිණි තැන්න පදිංචි අබේසිංහ ලියන ආරචිචගේ සුමණසිරි (59) හැවිරිදි පුද්ගලයෙකි.
කතරගම දේවාලයේ ජල බවුසර් යොදා ගින්න මැඩ පැවැත් වූ බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පැවසීය.
ගින්නෙන් කිරිවිහාරස්ථානයේ බිත්තිවලට හා වහලේ සිතුවම්වලට සුළු හානි සිදුවී ඇත.
මෙම හේතුව මත කතරගම දේවාලය වැඳ පුදා ගැනීම පැමිණෙන බැතිමතුන්ට කිසිදු බාධාවක් නොවන බවත් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙරෙ රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්දහිමියෝ පැවසූහ.



(ඡායාරූප - කේ. ඩී . දේවප්‍රිය)


( ඡායාරූප - දිලීප් ජයසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ටත්, බුදුන්ටත්.... මරාගෙන මැරෙන ප්‍රහාර?
ප්‍රමාණයට වඩා ආවේශ වෙලා වගේ... දෙවියනි, ඔබ කොහෙද? ඇයි මේ අහිංසකයව බේරාගත්තේ නැත්තේ? අහක හිටපු මිනිස්සු නේද මේ මිනිහව බේරා ගත්තේ?
පිටිගල මහත්තයා, මිනිසුන් විසින් හදපු මැටිපිළිම කොහොමද ඇවිදින්නේ...? ඇස් ඇරලා බලන්න..
දෙවියන්ට හිත වෙනස් කරගන්නටවත් නොහැකි බව පෙනුණි.
දෙවියනි ඔබ කොහිද?
බෞද්ධයෝ බහුතරයක් බුදුදහම හරියට දන්නේ නැහැ... දෙවියො කියන්නෙ මනසින් උසස් අය.. ඔවුන් මේ කාමලෝකෙ එක්ක සම්බන්ධයක් දක්වන්නේ නෑ.. මිනිස්සුන්ට කිට්ටුවෙන්නෙ වත් නැහැ කියලා ආමගන්ධ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා.. දෙවියෝ ඉන්නවා නම් හැමදේම බේරගන්න කර්මඵලවාදය ප්‍රතික්ෂේප වෙනවා.. නියාම ධර්ම ප්‍රතික්ෂේප වෙනවා.. සත්වයා කර්මය දායාද කොට පවතියි කියලයි බුදු දහමේ කියන්නේ. මේ ලෝකෙ බුදු දහම හැර අන් සියලු ආගම් දෙවියන් මත යැපෙන්නේ.. දෙවියන්ගෙන් සියල්ල පතන්නේ... එහෙනම් මේක සුරපුරයක් වෙන්න ඕනෑ..
පන්සලද ඇතුළෙද? පල්ලියේ ඇතුළෙද? කියලා බලලා නැහැ. දෙවියන් මෝඩයාට අවශ්‍ය දඬුවම දීලා තියනවා. සියදිවි අහිමිකරගත් ඒ පාපතරයා වෙනුවෙන් සුසුම්ලන ඔහුගේ මිත්‍රයින්වත් දෙවියන් විසින් හෝ ගිනි තබා විනාශ කරන්නේ නම් එදාට අනිවාර්යයෙන්ම මේ ලෝකය සුන්දර තැනක් වේවි...!!!
දෙවියෝ මවපු මැට්ටෙන් දෙවියෝ (මැවුම් කරු) මවපු නිසා කෝප වෙලා ඉන්නේ