(ඩී.කේ.රත්න)
වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරයේදී ලොරි රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද (26) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බුත්තල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් හතයි ග්‍රෑම් තුන්සියයක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.
ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු මෙම කේරල ගංජා තොගයත් සමඟ බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බුත්තල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් බුත්තල නගරයේ සිදු කළ රථවාහන පරීක්ෂාවකදී මෙම ලොරිය පරීක්ෂා කළ අවස්ථාවේ එහි සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත.
මෙම පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට දඹුල්ලට මෙම කේරළ ගංජා රැගෙනයමින් සිටියදී මෙසේ පොලිසියට කොටු වී ඇතයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කේරල ගංජා කිලෝ 7 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.