IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


කුරුල්ලෝ තබ්බෝව ජලාශය හැඩ කරති

( එච්. චන්දන)


ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොවි ජනපදය වූ තබ්බෝව ගොවි ජනපදයේ ගොවි බිම් සරු කරන තබ්බෝව ජලාශය මේ දිනවල ජලයෙන් පිරී ඇති අයුරු පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමන් කරන අයට දැක ගත හැක.


තබ්බෝව ජලාශය දිවංගත අග්‍රාමාත්‍යවරයකු වූ මහාමාන්‍ය ඩි.එස්. සේනානයක මහතාගේ දැවැන්ත නිර්මාණයකි.


තබ්බෝව ජලාශයේ ජලය පිරීමත් සමග විවිධ පක්ෂීන් පැමිණ අලංකාරය ගෙන දෙයි. මේ සුන්දරත්වය මේ දිනවල දැකිය හැක.



අදහස් (7)

කුරුල්ලෝ තබ්බෝව ජලාශය හැඩ කරති

පූජා. Sunday, 13 December 2020 10:14 AM

තබ්බෝව ජලාශයේ වතුර පිරිලා. අවට පරිසරයත් අතිශයින්නම සුන්දරයි. කෝ ඉතින් ඔයාලා පේන්න නැහැනේ. ඔහොම හැංඟි, හැංඟි ඉඳල හරියන්නෙ නැහැ. ඔයාලගෙ සුන්දරත්වය ඔය පැත්තෙ යන එන අයට යහමින් දැක ගන්නට ලැබුනට, අපට පේන්න ටිකක් විතර ලං වෙලා ඉන්නකෝ... මම කුරුල්ලන්ට ආදරෙයි. ඔයාලා ගැන ලියවුන මියුරු ගීත අහන්නත් ආසයි. වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන ලද මේ මියුරු ගීතය ඔයාලත් අහල බලන්නකෝ... හරිම ලස්සනයි.....".කුරුල්ලන්ට ගී හදන්න..... ගහට කොළට පාට වෙන්න...වීසි කළෙමි හදේ තිබුණ ආදරයයි, කරුණාවයි..කාටවත් නොදී..."

:       0       42

විජිත් Sunday, 13 December 2020 10:04 PM

කුරුළු පරාදීසයේ - කුරුළු සිහින සාගරේ, ඔබ හා විසුමට එන්නෙමි - කුරුළු සුර පුරේ .....

:       0       18

පූජාWednesday, 16 December 2020 09:11 PM

මඟුල් වෙසෙකි හැම දිනයෙකැ ඔබේ කූඩුවේ - නුරා ගීත නැළවෙනවා තමන් පාඩුවේ, කුරුළු පරාදීසයේ කුරුළු සිහින සාගරේ - එවැනි දැකුම් මා දෙනෙතෙ කඳුළු නගන්නේ - කුරුල්ලනේ ඔබ හැමටම දිහා බැලෙන්නේ ?.....

:       0       4

RaveendraMonday, 14 December 2020 02:25 AM

ඔබගේ අදහස් අප අගය කරන්නෙමු.පරිසරයේ සුන්දරත්වය දකින්නට, එය රසවිදින්නට හැකි වන්නේ සුන්දර මිනිසුන්ට පමණක් බව නොරහසකි. අප රටේ වැඩි පිරිසක් ජීවිතය විදින්නෝ නොවන අතර ජිවිත විදවන්නෝය..

:       0       18

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 15 December 2020 05:35 AM

ලස්සන අදහස් ටික ... පූජා ...

:       0       18

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 15 December 2020 05:33 AM

" ලානිල් අහසෙ වර්ණය දිය මත වැටිලා ... සුන්දර කුරුලු රැල තරගෙට උඩ පැනලා ... විඳිනා සතුටු සිතිවිලි වළ සුව දැනිලා ... පැන පිහිනන්න මගෙ සිත පොරකයි දුවලා ... "

:       0       19

පූජා Tuesday, 15 December 2020 09:34 AM

විජිත්, රවීන්ද්‍ර, සමිත ඔයාලා තුන් දෙනාටම බොහෝම ස්තූතියි.. ඇත්තටම හිස් අවකාශයේ නිදහසේ පියාපත් විහිදා ඉගිලෙන කුරුල්ලන්ට තියෙන නිදහස මිනිසුන් වූ අපට තිබේද.?...සමාජ ප්‍රශ්න, ජීවන ප්‍රශ්න අනෙකුත් මෙකී නොකී ප්‍රශ්න හමුවේ තැලෙමින් ජීවන ඔරුව පදවාගෙන, යන මේ දුෂ්කර ගමනේ, ස්වභාව ධර්ම අම්මාගෙන් ලැබුන මේ අනගි සම්පත් ටිකත් යම් දවසක ගිලිහී ගියොත්..? සමිත ඔයාගෙ ලස්සන කවියත්, විජිත්ගේ ලස්සන නිසදැසත් කියවා දවසම නැවුම් හැඟීම් වලින් පිරුනා. මෙවැනි අගනා චායාරූප අප වෙත පිරිනමන ලංකාදීපයට බොහොමත් ස්තූතියි...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site