(විනීතා එම් ගමගේ)
කොරියාවේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මාස හයක පොදු සමා කාලයක් එරට රජය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.
එරට රැකියාවට ගොස් ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් එරට රැඳී සිටින ශ‍්‍රමිකයන්ට කිසිදු දඬුවමකින් තොරව යළි මෙරටට පැමිණීමට මෙම කාලය තුළ අවස්ථාව ලැබෙනු ඇත.
ඉකුත් දෙසැම්බර් 11 වැනිදා මෙම පොදු සමා කාලය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර ලබන ජුනි මස 30 වැනි දා දක්වා ක‍්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
වීසා කාලය ඉක්මවා වලංගු වීසා නොමැතිව නීති විරෝධීව කොරියාවේ රැඳී සිටින්නන්ට මෙම කාලය තුළ ගමන් බලපත‍්‍රය, ස්වේච්ඡාවෙන් පිටත්වීම පිළිබඳ ප‍්‍රකාශය හා ගුවන් ටිකට්පත ආගමන කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව කිසිදු දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීමට අවස්ථාව ලැබෙනු ඇත.
මෙම පොදු සමා කාලය තුළ එරටින් පිටවන පුද්ගලයන් අසාධු ලේඛනයට ඇතුලත් නොකරන බවත් අවශ්‍ය නම් පසුව E-9,D-2,D-4,D-8 යන වර්ගයන්හි වීසා බලපත‍්‍ර සඳහා අයදුම් කිරීමට ද අවස්ථාව ලැබෙන බවත් කොරියානු රජය දැනුම් දී ඇතැයි කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය.
තම ඥාතින් කිසිවෙකු හෝ නීති විරෝධී ලෙස කොරියාවේ රැඳී සිටින්නේ නම් මෙම පොදු සමා කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගෙන නැවත දිවයිනට පැමිණෙන්නැයි දැනුම් දෙන ලෙස කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධව වැඩි විස්තර 1345 අංකය මගින් කොරියාවේ ආගමන ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීම මගින් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරියාවේ ඉන්න ලාංකිකයන්ට මාස 6 ක පොදු සමා කාලයක්