(මහින්ද නිශ්ශංක)
දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වුවද කාර්යාල සේවකයන්ගේ පහසුව සඳහා අද (21) පස්වරු 4.00 සිට කොළඹ සිට රඹුක්කන, මහව, මහනුවර, ගාල්ල, මාතර, අනුරාධපුරය, අවිස්සාවේල්ල, හලාවත දක්වා දුම්රිය 10 ක් පමණ ධාවනය කිරිමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
අද (21) උදේ වරුවේ ද පිට පළාත්වල සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය 8 ක් ධාවනය කළ බවද ඒ මහතා කීය.
මෙයට අමතරව අද උදේ කොළඹ සිට කන්කසන්තුරය, පානදුර දක්වා සහ පානදුර සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ධාවනය කළ බවද සාමාන්‍යාධිකාරී ඩිලන්ත මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සේවය වහාම පෞද්ගලික සමාගමකට දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. ජපානය වගේ දියුණු රටවල තැපැල් දුම්රිය වැනි සේවා පෞද්ගලික නිසා දවසින් දවස දියුණු වෙනවා. වර්ජන කවදාවත් නැහැ. ලංකාවේ සේවකයන්ට මේකට පාඩමක් උගන්වන්න ජනාධිපතිතුමනි...