IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කොරියානු රැකියා කෝටාව අහිමිවීමේ අවදානමක්

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ නොසැලකිලිමත්භාවය හේතුවෙන්  අපේ රටට හිමි කොරියානු රැකියා කෝටාව අපෙන් ගිලිහී වෙනත් රටවලට හිමි වීමේ අවදානමක් පවතින බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එය මෙරටට ලැබෙන විශාලතම විදෙස් විනිමයක් හිතාමතාම අහිමිකර ගැනීමක් මෙන්ම මේ වනවිටත් සියලු සුදුසුකම් සපුරා ඇති පන්දහසකට ආසන්න තරුණ පිරිසට සිදුව ඇති බරපතල අසාධාරණ තත්ත්වයක්  බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

"2018වසරේ කොරියානු ප්‍රවීණතා විභාගය ලියා ඉන් සමත්වී කොරියානු රැකියා සදහා යාමට සිටින පන්දහසකට ආසන්න තරුණ පිරිසක් මේ වනවිටත් රජයේ දැඩි නොසැලකිල්ල සහ වගකීම් විරහිතකම හේතුවෙන් අසරණභාවයට පත්ව සිටී.

1600ක් පමණ සේවා ගිවිසුම් මතද,2500ක් පමණ පොරොත්තු ලේඛනයේද සිටින අතර මේ වනවිට ඔවුන්ගේ දෙවසරක රැකියා ව්‍යාප්ති කාලයද අවසන් වෙමින් තිබේ.

කොරෝනා ව්‍යසනයට මුවා වෙමින් පදනම් විරහිතව ආණ්ඩුව මෙම තරුණ පිරිසගේ ජීවිත සමග සෙල්ලම් කරන අතර මේ වනවිටත් තායිලන්ත,චීන,ලාඕස්,වියට්නාම් වැනි රටවල් සිය ශ්‍රමිකයන් කොරියාවට යවා ඇත.

මේ හේතුවෙන් අපේ රටට මතුව ඇති බරපතල අර්බුදය පිළිබඳව ආණ්ඩුවට කිසිදු උවමනාවක් හෝ උනන්දුවක් නැත.

එහෙත්, රට ගැන හෝ තරුණ පරපුරේ ජීවිත ගැන අංශුමාත්‍රයක හැගීමක් නැති ආණ්ඩුව මේ සරල කටයුත්ත හෝ ඉටු කරන්නේ නැත.

අප ආණ්ඩුවට නැවත බල කරමින් අවධාරණය කරන්නේ කඩිනමින් එම තරුණ පිරිසට සාධාරණය ඉටුකරන ලෙසයි.



 

 



අදහස් (9)

කොරියානු රැකියා කෝටාව අහිමිවීමේ අවදානමක්

මිලානෝ ඇතුගල Thursday, 17 June 2021 02:29 PM

මැක්කාගේ කතාව මෙන් හැම දෙයක් ම කෙසේ හෝ ඔහේ ගලා යන්නට සලස්වනවා.

:       15       42

සිල්වා Thursday, 17 June 2021 03:15 PM

මේ මොකද එක පාරටම රනිල් පාර්ලිමේන්තු එනවා කිව්වම කෑ ගහන්නේ. මේ කතාව ආවේ ටික දවසකට කලින්. දැන් කොරියානු තානාපති කියලා තියෙන්නේ එහෙම අවදානමක් නැහැ කියල (ඇත්ත වුනත් බොරුවක් වුනත් අපි තානාපති කිව්ව දේ පිලිගන්න වෙනවා). ඒ කිව්වට පස්සේ දැන් සජිත් ආපහු අවදානම් ගැන කියන්නේ එතුමා කොරියානු තානාපති තුමාට වඩා කොරියාවේ ආණ්ඩු තීරණ දන්නවද නැත්නම් එතුමා කොරියානු තානාපති තනතුර භාරගන්න යනවාද රනිල් පාර්ලිමේන්තු ඇවිත් විපක්ෂ නායකයා වුණාම. රංගේ බණ්ඩාර නම් කියන්නේ රනිල් විපක්ෂනායක වෙන විදිහට.

:       475       418

කෝරාළගේ Thursday, 17 June 2021 03:43 PM

මෙය රටට ලැබෙන විශාලතම විදෙස් විනිමයක් හිතාමතාම අහිමිකර ගැනීමක් සහ සුඩුසුකම් සපුරා ඇති පන්දහසකට ආසන්න තරුණ පිරිසට කරන බරපතල අසාධාරණයක්.කොරෝනාවෙන් ජනතාව දහදුක් විඳිද්දී, රටම ආර්ථිකව බංකොලොත් වෙද්දී ජනතාවගේ ඇස්වසා සුඛෝපභෝග ජීප් රථ ගෙන්වීමට නම් එක පයින් අනුමැතිය.මේක නම් මහා අසාර්ථකම රජයක්.

:       313       407

මුණසිංහ Thursday, 17 June 2021 03:54 PM

විපක්ෂ නායකත්වය රැක ගන්න පුදුම උත්සාහයක් ගන්නෙ.

:       306       635

Nuwan Thursday, 17 June 2021 05:42 PM

සුදුසුකම් නැති මිනිස්සු හොරාට විභාගය පාස් කරවලා පිටරට යැව්වාම අන්තිමට වෙන දේ තමයි මේ...

:       0       0

fairoos Thursday, 17 June 2021 05:54 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ...

:       0       0

Nihal Thursday, 17 June 2021 07:48 PM

මීට කළිනුත් අහිමි වෙන්න ගිය හේතුව යන අය කොන්ත්‍රාත් කාලය ඉවරවෙලා එන්නේ නැහැ.. හොරෙන් වැඩ කරනවා. ඒකයි ප්‍රධානම හේතුව.. ක්‍රීඩකයින් ගිහින් ටික දෙනෙක් පැන්නා අපිට මතකයි..

:       0       0

Raveendra Thursday, 17 June 2021 08:13 PM

වෛරසයට අර පෙත්තයි මේ පෙත්තයි කිව්වේ කවුද..? උස නම් සිකුරිටි කොටනම් කම්කරු කිව්වේ කවුද...? වෛරසයට අර එන්නත හොඳ නැහැ කිව්වේ කවුද?...

:       0       12

Bamunuarachchi Friday, 18 June 2021 09:00 AM

2016 නම් සමත් වුනේ ඔහෙලාට අවුරුදු 4ම කොරියාවට යවා ගන්න බැරි වුනේ ඇයි? මොකද කට්ටියට ලියුම් තිබුනේ නැද්ද? උස තිබුනේ නැද්ද?

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29408 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18227 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11652 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 721 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 215 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 865 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site