
(නිමන්ති රණසිංහ)
කොළඹ වරායේ සිරවී තිබූ කිරිපිටි ඇතුළු සියලු බහාලුම් නිදහස් කර අවසන් බව මහ බැංකු අධිපති අ ජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (07) පැවසීය.
ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක කිරිපිටි බහාලුමක් වරායේ රැඳී ඇති බවට කළ දැනුම් දීමකට අනුව, එය ද අද (07) මුදල් ගෙවා නිදහස් කළ බවත්, ඒ අනුව මේ වන විට සියලුම බහාලුම් නිදහස් කර අවසන් බවත් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේය.
වරායේ සිරවී තිබූ බහාලුම් සඳහා මින් ඉහතදී ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකකට මුදාහැරි බවද ඔහු පැවසීය.
කිරිපිටි රට තුළට පිවිස ඇති නමුත් තවමත් වෙළද පොළට නිකුත් වී නැත්තේ කුමන හේතුවක් මතද යන්න තහවුරු නොවුණත් වරායේ සිරවී තිබූ සියලු බහාලුම් නිදහස් කිරීමට මහ බැංකුවෙන් මුදල් නිදහස් කළ බවද මහ බැංකු අධිපතිවරයා සදහන් කළේය.
මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන ලද වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (07) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“කිරිපිටි ඇතුළු සියලු බහාලුම් නිදහස් කර අවසන්’’
Royfedricks Friday, 08 October 2021 02:27 AM
සොයිසා..! දැන් එතකොට ඒකද මෙයාගේ රාජකාරිය...? ඉස්සර මහ බැංකු අධිපති කියන්නේ ඉතා ගරුකටයුතු රැකියාවක්... වරායෙන් බඩු නිදහස් කරන වාප්පු ලිපිකරු රැකියාව වගේ නෙවෙයි..
Sunil Friday, 08 October 2021 07:12 AM
ලොකුම බොරුවක්...