
(ඩී.ජී.සුගතපාල)
රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල අද (24) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම නිසා කරාපිටිය සහ මහමෝදර රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවාවන්ට සහ සායන කටයුතුවලට බාධා පැමිණ තිබිණි.
කරාපිටිය රෝහලේ 1100ක්වු කණිෂ්ඨ කාර්ය මණ්ඩයෙන් අද සේවයට වාර්තා කිරිමට නියමිතව සිටි සංඛ්‍යාව 750ක් වුවද සේවයට වාර්තා කර ඇත්තේ සේවකයින් තිදෙනෙකු පමණක් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මේ නිසා රෝහලේ සායන සහ බාහිර රෝගි අංශයද ක්‍රියාත්මක නොවු අතර හදිසි ප්‍රතිකාර සේවා පමණක් ක්‍රියාත්මකව පැවතිණි. මේ අතර කරාපිටිය රෝහලේ රියදුරු, දුරකතන ක්‍රියාකරු, කාර්යාල කාර්ය සහායක ආදි සේවාවල සිටින 400ක් පමණ වූ පිරිසෙන් 350ක පිරිසක් ද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහායදීමට ඉදිරිපත්ව ඇති බව ද වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසුහ.
දකුණු පළාතේ ප්‍රධානම මාතෘ රෝහල වන මහමෝදර රෝහලේ 251ක්වු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් අද 175ක් සේවයට වාර්තා කිරීමට නියමිතව තිබුනත් කිසිවෙකුත් සේවයට වාර්තා කර නොතිබින.
මේ නිසා මව්වරුන්ගේ සායන සහ බාහිර ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක නොවු අතර හදිසි සේවා පමණක් ක්‍රියාත්මක විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමක් නිසාද හේතුව...?