IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කිරිඳිගඟේ ගසාගෙන ගිය සිව්දරු පියාගේ සිරුර හමුවෙයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)

පැල්මඩුල්ල නගරයට පානීය ජලය සපයන කිරිඳිගඟ දෙගොඩතලා යද්දී අවට සිටි අයගේ විරෝධය නොතකා කුට්ටපිටිය වටවල ඉමේකැලේ සපත්තු පාලමෙන් එගොඩවීමට ගොස් ජල පහරට හසුව අතුරුදන් වු සිව්දරු පියාගේ සිරුර කිලෝමීටර් පහළොවක් පමණ දුරින් වූ පහළ කුට්ටිපිටිය අමුණුවල ප්‍රදේශයේ තිබී අද (12) දහවල් සොයාගත් බව පැල්මඩුල්ල පොලීසිය පැවසුවේය.

පැල්මඩුල්ල, කුට්ටාපිටිය, වටවල, ඉමේකැලේ පදිංචිකරුවෙකු වූ අයි.කේ.ඒ. රොබෝසිඤ්ඤෝ යන අය මෙසේ ජල පහරට හසුව මියගොස් තිබුණි.

පැල්මඩුල්ල නගරයට පානීය ජලය සපයන ජල මූලාශ්‍රය, කිරිඳිඇල්ල ආදිය ද පසුකර සිරුර පහළට ගසාගෙනවිත් තිබුණි. මියගිය අය 11දා සවස 05.00ට පමණ සැඩපහරට හසුව අතුරුදන්ව තිබු අතර අද (12) දහවල් සිරුර හමුව තිබුණි.

ගොඩ ගනු ලැබූ සිරුර මේ වනවිට කහවත්ත මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මරණ පරීක්‍ෂණය හෙට (13) සිදු කිරීමට නියමිතය.  



අදහස් (0)

කිරිඳිගඟේ ගසාගෙන ගිය සිව්දරු පියාගේ සිරුර හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site