(සුජිත් හේවාජුලිගේ )
බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කිරීම තහනම් කර තිබියදී එවැනි බොහෝ සාප්පු විවෘත කර පවත්වාගෙන යෑම නිසා ඒ හරහා ලොකු කොරෝනා අවදානමක් මතුවී ඇතැයි එම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය.
මෙම ඇඳුම් සාප්පු සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මකවී ඒවා වසා දැමීමට පියවර ගන්නැයි පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය.
මේ අතර තහනම නොතකා විවෘත කර ඇති කඩ සාප්පු සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන බස්නාහිර පළාතේ ඇඳුම් කඩ සාප්පු හා සාප්පු සංකීර්ණ විවෘත කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහනම් කරනු ලැබුවේ පසුගියදා නිකුත් කෙරුණු විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහය මගිනි .
COMMENTS
එතකොට රෙදි කඩ ඇරපු එකයි වැරදි. බාර් ඇරපු එක හරි. සංචරණ සීමා කියලා රට්ටු හිනස්සන විහිලු කරලා දැන් ද නීතී මතක් වෙන්නේ? ගන්න තීන්දු තීරණ ගැන මිනිස්සුන්ට විශ්වාසයක් ඇති කරන්න. තියෙන එකාට එකක්. නැති එකාට තව එකක්. ගැසට් ගහපු පලියට වැඩ වුණා නම් මෙලහට කෝවිඩ් හොයාගන්නත් නෑ නෝනේ ...
කාලෙ හරි... වහන්න ඕනෙ නම් දිනකට එක සේවකයෙකුට අඩුම රුපියල් 2000ක් ගෙවන්න.
කළුතර නගරයේ ගොඩක් රෙදි කඩ ඇරලා...
ලෝකයේ ගොඩක් රටවල් කොරෝනාවලට පයින් ගහලා මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය ලබාදීලා තියෙන වෙලාවක බොරුවට එනවා මාධ්‍ය අංදර්ශන දාන්න. කොරෝනාවලින් වවන් කන්න එපා.