(රොමේෂ් මධුෂංක)
යාපනය පේදුරුතුඩුව වඩමාරච්චි ප්‍රදේශයේ කොවීඩ් 19 වයිරසය වැළඳුනු ව්‍යාපාරිකයන් 06 දෙනකු ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇතැයි යාපනය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
අදාල ව්‍යාපාරිකයන් පී.සී.ආර් පරික්ෂණ යාපනය විශ්වවිදයාල රසායනාගාරයේදී සිදුකිරීමේදී ඔවුන්ට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඒ පිළිබඳව අදාල ව්‍යාපාරකයින්ට දැනුම් දීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් අදාල ව්‍යාපාරික ස්ථාන වෙතට ගියද ව්‍යාපාරිකයින් සිට නොමැත.
කොරෝණා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අදාල ව්‍යාපාරිකයින් සැඟව සිටින බවටත් ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙසටද සෞක්‍ය නිලධාරීන් ජනතාවට දැනුම් දෙනු ලැබීය.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ අම්පාර සහ කල්මුනේ ප්‍රදේශයන්හි සිට පේදුරුතුඩුවට ව්‍යාපාර සඳහා පැමිණි පිරිසක් බවටද සෞඛ්‍ය නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති හෙයින් අදාල පරිස් සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය සෞඛ්‍ය නිලදාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd