IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කොරෝනා වයිරසයෙන් 492ක් මිය ගිහින්

චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 492 දක්වා ඉහළ ගොස් තිබේ.

24,505දෙනෙකු ආසාධිත තත්වයේ පසුවෙති.

(ඩේලි මිරර්) 

 

 

 



අදහස් (26)

කොරෝනා වයිරසයෙන් 492ක් මිය ගිහින්

jayath Wednesday, 29 January 2020 06:19 AM

මේක ජාතික වසංගතයක් වෙන්න කලින් අවශ්‍ය දේ කලින්ම කරන්න ඕන ( මේ කරපු හරිය හොඳයි නමුත් අඩු පාඩු තියනවා ) මේක දූපතක් හින්ද ඒක තවටිකක් ලේසියි.

:       11       218

samurai Wednesday, 29 January 2020 07:02 AM

අපිට තියෙන්නේ, මේ වෛරසය එක ශරීර ගත වූන රෝගීන්ට හරියන එන්නතක් ඉක්මනින් හදාගන්න එකයි ඇහුවොත් ටීවී එකේ ඔක්කොම ඉන්නේ ඩොක්ටර්ලා ඒ වුනට මුලින්ම ඉල්ලන්නේ අතිකාල දීමනා

:       98       221

Rohona Wednesday, 29 January 2020 07:59 AM

හඬපට ඝෝෂාව හිමින් සැරේ කොරෝනා වලට මාරුවී ඇත. කාගේ කාගේත් සෞක්‍ය රැකගැනීමට එසේ කිරීම හොඳය. මේ සියලු ඝෝෂා වලින් බඩු මිල ඉහල ගොස් ඇතිබව අමතක වී ඇතිබව පෙනේ. දැන් උනන්දුව බඩු මිල නොව කොරෝනා ගැන සෙවීමය.

:       1210       1930

DilanFriday, 31 January 2020 06:29 AM

සමහරුන්ට මේකත් පේන්නේ රාජපක්ෂලාගේ වැඩක් වගේ. මේක ලංකාවේ ඇතිවුණා නම් කොහොම කියයිද?

:       166       73

මුණසිංහMonday, 03 February 2020 06:10 AM

පහුගිය කාලේ බඩු මිළ ඉහළ ගිය බව ඇත්ත. නමුත් දැන් 1-2 හැරුනම ඉතිරි සියල්ල තිබුණට වඩා 50%-75% අතර ප්‍රමාණයකට අඩු මිලට දැන් අපි ගන්නවා.

:       433       1175

siri Wednesday, 29 January 2020 08:56 AM

ඇත්ත ගණන ඊට වඩා අති විශාලයි කියලත් කියනවා.

:       29       75

Hafeel Wednesday, 29 January 2020 12:31 PM

චීනාට අද වෙලා තියන තත්වය. චීන, ඇමෙරිකාව සහ ඉන්දියාව තමන්ගේ ප්‍රශ්න අමතක කරලා මුළු ලෝකේ අල්ලන්න යනවනේ. අපිටත් උදව් කරනවා කියමින් අනවශ්‍ය බලපෑම් කරනවා...

:       3       90

buddhiThursday, 30 January 2020 12:07 PM

මේ අස්සේ අපේ වරායවත් ආපහු ඉල්ලගන්න බැලුවා නම්...

:       4       56

ranaFriday, 31 January 2020 05:41 AM

බුද්ධි, වරාය මොනවා වෙතත් ණයට දීපුවා නම් නැවත චීනාට ආපසු ඉල්ලා ගන්න වෙන බවයි පෙනෙන්නේ...

:       0       13

සුමනදාස Thursday, 30 January 2020 11:17 AM

මෙච්චර අනාවැකි කාරයෝ ඉන්න රටේ ඔහොම දෙයක් වෙයි කියලා දැනගෙන හිටියේ නැතුව ඇති.

:       0       52

Don Friday, 31 January 2020 03:36 AM

තාම ලංකාවේ වෛරසය බීජෟෂණ අවධියවත් ඉවරවෙන්නත් පළමුව මහජනතාව රැස්කරන්න නිදහස් උත්සව, දේශපාලන රැස්වීම් තියන්න එපා. GMOA කියන ඒවා විශ්වාස කරන්න එපා. එයාලා රෝගීන් අමාරුවේ දාපු කට්ටියනේ...

:       4       36

jayath Friday, 31 January 2020 04:33 AM

සමුරි ඔයාගේ යෝජනාව නම් හොඳයි. නමුත් "එන්නතක් හැදීම, කඩෙන් පැරසිටමෝල් පෙත්තක් ගන්නවා වගේ ලේසිදෙයක් නෙමෙයි. ලෝකයේ තියෙන, එන්නත් හදන ප්‍රධානම ආයතනයක් වන පාස්චර් ආයතනයටත්, ජපානයේ ටකදා ආයතනයටවත් අවුරුදු ගණනක් ගිහිනුත් ඩෙංගුවලට සාර්ථක එන්නතක් හදාගන්න තවම බැරිවුණා. මේකත් එහෙම තමයි ඉතින් අපි ගැන කවර කතාද? හැබැයි තවටික දොහකින් සමාජ මාධ්‍ය ජාලාවල කොරෝනා නිට්ටාවටම හොඳ කරන "ඊනියා දොස්තරලා වැහි වහීවි. අර ඩෙංගු හොඳ කරන "පැපොල් කොළ" නෝනා වගේ...

:       11       86

de silva Friday, 31 January 2020 05:20 AM

දැන් නොපමාව චීන ජාතිකයින්ට සංචාරක වීසාදීම සහ චීනයට ඍජු ගුවන් සේවා සැපයීම වහාම නතරකරලා දමන්න ඕනේ... ගුවන් සේවා සැපයූවත් දුවන්නේ වෙන්නේ පාඩුපිට... දැන්ම මොකක් හරි පියවරක් ගන්න.

:       0       20

Herath Hami Friday, 31 January 2020 06:34 AM

කොරෝනා වසංගතය සම්බන්දයෙන් රජයේ වැඩපිළිවෙල පැහැදිලි නැත. නැත්නම් එම වැඩපිළිවෙල නිවැරදිව ජනගත වෙන්නේ නැත. විටෙක දරුවන් ගෙන්වනවා කියයි. විටෙක ගෙදර යවන බව කියයි. තව තැනක දියතලාවේ දමන බව කියයි. දිනදෙකකින් හමුදාව ලවා ආරක්‍ෂිත රෝහලක් හැදු බව කියයි. නමුත් කොළඹ උණ රෝහලේ පහසුකම් පවතින්නේ එක රෝගියෙකු සදහා පමණක් බව කියයි. අගමැතිතුමා වසංගතයට පෙර සුදානම පිලිබඳ ප්‍රශංසා කළ බව කියයි. උණ රෝහලේ කාර්යමණ්ඩලය ආරක්‍ෂිත උපකරණ සහ ක්‍රමවේද නොමැති නිසා ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණෙන බව කියයි. ඒ අතරතුර චීනයේ සිටින අපේ දරුවන්ට කොළඹින් කෑම යැවීමක් ගැනත් කියයි. බන්දුල ඇමතිතුමා සිතන පරිදි මෙය ඩෙංගු වැනි වසංගතයක් නොවේ. හුස්මකින් නැත්නම් බැල්මකින් පවා බෝ වියහැකි රෝගයකි. මරණ අනුපාතය ඩෙංගු මෙන් 10-25 පමණ වේ. දැනට හදුනාගත් රෝගීන් නැතත් වාර්තා නොවූ බොහෝ දෙනෙක් රටතුල සිටීමේ ඉඩ ඉතා ඉහළය. ඒ පිරිස හදුනාගෙන වෙන්කොට නිසිලෙස කළමනාකරණය කොට වසංගතය පාලනය සදහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් රජය ඉදිරිපත් කළ යුතුය. කමිටු දැමීම හොඳය. නිරතුව රැස්වී කතාකිරීමත් හොඳය. නමුත් ප්‍රතිඵල පෙනෙන්නට තිබිය යුතුය.

:       12       132

hira Friday, 31 January 2020 09:09 AM

ලෙඩ සුවකරන පාස්ටර්ලාට අභියෝග කරනවා. පුලුවන් නම් එන්නකෝ ඉස්සරහට...

:       2       47

Amith Sunday, 02 February 2020 04:41 AM

මේ ආණ්ඩුව ආව නිසා දේව ශාපයක් ඇවිත්.

:       289       190

AjanthaSunday, 02 February 2020 07:57 AM

මොලේ කොහේද තියෙන්නේ?

:       1       19

සනත් ඉතාලිය Sunday, 02 February 2020 07:58 AM

කවදා ඉඳන්ද චීනය ලංකාවේ 10 වෙනි ප්‍රාන්තේ වුනේ...?

:       1       14

maal Monday, 03 February 2020 05:11 AM

මේ සල්ලි තියෙන ශිෂ්‍යයෝ 33දෙනා ගැන හොයල දියතලාවේ නිරෝධායනයට දාපු විදියට ඊයේ චීනේ ඉඳල (02/02/20) ආපු ශ්‍රිලංකාවේ 141දෙනා ගෙවල්වලට යැව්වේ කොහොමද. මේවා විහිලු. මේ 141දෙනාවත් කොහේ හරි කෑම්ප් එකක සති දෙකක් නවත්වන්න ඕන නේද. ආණ්ඩුව වගකියනවද ඔය හැමතැනම කොරෝනා බෝ වුනොත්.

:       134       137

IndikaMonday, 03 February 2020 07:24 AM

වෙනස එම ළමුන් වූහාන් වල ඉඳලයි මෙහි අවේ. අනිත් සෑම දෙනාම ආවේ වෙන පළාත් වලින්. සැතපුම් ගොඩ දුරකින්...

:       10       23

Kakiyana LeaMonday, 03 February 2020 07:31 AM

පොඩ්ඩක් මොළෙත් පාවිච්චි කරන්න. මුළු චීනය පුරාම කොරෝනා භයානක ලෙස ව්‍යාප්ත වෙලා නැහැ . ඒක නිසා වූහාන් වලින් පිට ඉන්න අයව නිරෝධායතන වලට යැවීම අනවශ්‍යි. අනික එහෙම යවන්න ලංකාවේ පහසුකමුත් නැහැනේ.

:       49       37

lal Monday, 03 February 2020 08:13 AM

අපි නොදන්නා හෝ නොදන්නවා සේ සිටින ප්‍රධානම කරුණ තමයි ලංකාවේ චීන ජාතිකයන් රැකියා සඳහා පැමිණි පිරිස ලක්ෂ 3 ක් ඉක්මවද්දී චීනයේ සිටින ලංකාවේ මුළු ජනගහනය බහුතරය මුදල් අතින් ගෙවා ඉගෙනීමට ගිය සිසුන් 1500 කටත් වඩා අඩුවීම. කොහොමද ආක්‍රමණය ? කතාවට කියන්නේ අපේ යුද්දේ වෙලාවේ චිනෙලු උදවු කළේ. මරු ප්‍රතිඋපකාරේ. ප්‍රශ්නේ තමයි අපේ වඩු බාස්ලව අපි දහදුක් විඳින්න මැදපෙරදිග ඇරලා අපේ රටේ අයිස් වැඩ වලට චීන ජාතිකයන් ගෙන්වීම. මෙය කොතරම් දුරට සාධාරණද ?

:       66       8

Rizwan Monday, 03 February 2020 09:07 AM

දෙවියන් මිනිස්සුන්ගේ වැරැදිවලට දඬුවම් විදිහට තමයි කොරෝනා එව්වේ..

:       71       50

Vidura Tuesday, 04 February 2020 05:38 AM

නිව්ස් සයිට්වල කොමෙන්ට්ස්,... විද්‍යාත්මකව, සහ කාටහරි වැදගත් වන ලෙසින් පලකරන අය ඉන්නේ 1%ක් තරම්... ඇත්තටම මේ නිවුස් සයිට්වල කොමෙන්ට්ස් දාන එක්තරා පිරිසක් ඉන්නවා මානසික රෝගීන්. කරන්න වැඩක් නැතිව කාලය කා දමන මොවුන් හැම දෙයකටම ගරහන මානසිකත්වයක් සහිත අයයි. කොමෙන්ට්ස් වල තියෙන්නේ රටේ බහුතරයකගේ අදහස් නෙමේ.... බහුතරයක් නිහඬව ඉන්නේ... රටේ සංස්කෘතියට, ආගමට, දහමට, ජාතියට විරුද්ධ පරගැති චින්තනයක් සහිත සීමිත කොටසක් නිතරම කොමෙන්ට්ස් කරනවා. ඔබට විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි ඕනෑම නිවුස් සයිට් එකක. ඔවුන්ගේ කොමෙන්ට්ස් වල කිසිම පදනමක් නෑ. ඔහේ මොනවා හරි කොටනවා. සමහර වෙලාවට නිව්ස් එක හරියට කියවලාත් නෑ. සමහර කොමෙන්ට් නිවුස් එකට අදාලත් නෑ. ඔවුන්ට ඕනෑම හොඳ දේකට වුණත් ගරහන එක සාමාන්‍ය දෙයක්. මෙය එක්තරා මානසික අවුලක්... දෙයක් හොඳ හෝ වැරදි හෝ, එය විද්‍යාත්මකව සහ සාධක සහිතව අන්අයට පැහැදිලි කළ හැකි සැබෑ පිරිස් ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙන්නේ... මෙම නිවුස් එකට ලබාදී ඇති කොමෙන්ට්ස් ටික වුණත් ඉතා විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි... ලෝකයටම අවදානමක් ඇති කොරෝනා ප්‍රශ්නය මේ පිරිස හරවා ගෙන තියෙන පැති සහ කාටවත් කියවීමෙන් පලක් නැත...

:       0       210

සනත් ඉතාලිය Wednesday, 05 February 2020 08:55 AM

100% එකගයි. මෙතනත් ඉන්නවා කොටසක් පුවතක් පළකර ගමන් අදහස් ලියන. කිසිම පදනමක් නැහැ අදාළ පුවත සම්බන්ධව.

:       0       4

Kodda Wednesday, 05 February 2020 11:02 AM

මේක මහ පුදුම රටක්. කවර ආකාරයේ ජාතික ව්‍යවසනයකදීවත් වැදගත් සාකච්ජාවක් නෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 54 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 347 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site