(නාලක සංජීව දහනායක)
කොරෝනා වෛරසය රට තුළට පැමිණීම වැළැක්වීම නතර කිරීම සඳහා විද්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායට අද (06) උපදෙස් දුන්නේය.
ඉදිරියේදී නිරෝධායන ක්‍රියාවලිය ඇරඹීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය ස්ථාන, සම්පත් දායකයන්, පහසුකම් සහ අවශ්‍ය උපකරණ සපයා දීමට සූදානම් වන ලෙසද කීය.
කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (6) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ රජය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් මුල සිට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ආසියානු කලාපයෙන්ම කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රට බවට ලංකාව පත්ව තිබෙන බවය.
මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් දින 14 කාලයක් නිරෝධායනයට ලක් කළ යුතු බව කොරෝනා මර්ධන කාර්ය සාධකය ජනාධිපතිවරයාට මෙහිදී නිර්දේශ කළේය.
කොරෝනා ආසාදිත කිසිඳු ලංකිකයෙක් හමුවී නැති බව කී ජනාධිපතිවරයා යම් රෝග ලක්‍ෂණයක් ඇත්නම් සැඟවී නොසිට පරීක්‍ෂා කිරීම් කරගන්නා ලෙස විදේස්ගතව සිට මෙරටට පැමිණෙන ජනතාවගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.
2025 නොවැම්බර් මස 04
359
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2159
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1639
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා රටතුළට පැමිණීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය කරන්න
සඳුන් Friday, 06 March 2020 01:05 PM
මේ නිරෝධායන ලිස්ට් එකේ චීනය නැත්තේ ඇයි?
Kamal koyralaFriday, 06 March 2020 05:26 PM
චීනේ නැතේ... මේක චීන කොලනියක් නිසා
de silva Friday, 06 March 2020 04:04 PM
විද්‍යාත්මක ක්‍රමය නම් ලෝකයේ කොරෝනා රෝගීන් වැඩිපුරම ඉන්න රටවන චීනේ පැත්තකට දමලා අනිත් රටවල ඉඳලා එන මිනිස්සු නිරෝධායනයට යොමු කිරීමයි.. මේක දැකලා මට හිනා යනවා.
kamalFriday, 06 March 2020 09:55 PM
චීනයේ මුදල්වල කොරෝනා ගෑවිලා නැති නිසා, මුදල් විතරක් ගුවන් මගින් එවන්න කියන්න. කට්ටිය එන්න ඕනෑ නැහැ...
ranaSaturday, 07 March 2020 03:43 AM
අලුත් ණය ළමයන් ණය, දන්නේ නැද්ද අපිට දැන් චීනා සරණං ගච්ඡාමි නේ..? අනිත් රටවලට අපේ උද්දච්ඡකම පෙන්නනවනේ නේ...!
de silva Friday, 06 March 2020 08:35 PM
පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකු වන රෝහණ බැද්දගේ මහත්මයා අපි මලදිවයිනේ තානාපති කරලා ඇරියේත් විද්‍යාත්මකව තෝරලා...
Nandasena Saturday, 07 March 2020 02:09 AM
ජනාධිපති අණ කරන්න ඕනෑ මේ විදියට. (අ) වහාම ක්‍රියාත්මක වන පරිදි කොරෝනා රට තුළ තහනම් (ආ) කොරෝන ගැන කතා කරන එක තහනම් (ඇ) කොරෝන නීති (ඉහත දක්වා ඇති) කඩන අය ජාති ද්‍රෝහීන් වශයෙන් දඬුවම් දෙන්න ඕනෑ...
Nuwan Saturday, 07 March 2020 08:14 AM
ආපු දවසේ ඉඳලාම විද්‍යාත්මක විසඳුම් ගැන තමයි කියවන්නේ. හැබැයි මහ ජනතාවට ලැබුණු විසඳුමක් නම් නැහැ. කට විතරයි වැඩ නැහැ..
Kumar Sunday, 08 March 2020 03:06 AM
දන් කොරෝනා වෛරසය ලංකාව තුළ තිබෙනවා. චීනයේ වෛද්‍යවරයා ලොවට ප්‍රචාරය කරන්න කලින් මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණි චීන දේශ සංචාරකයෝ ඒ වෛරසය ලංකාවට ගෙනෙන්න ඇති. මේ වෛරසය වැඩිපුරම බලපාන්නේ වයස 50 ට වැඩි ශරීරය තුළ ප්‍රතිශක්තිය අඩු අයටලු. මේ ඇමෙරිකාවේ මතයයි.