IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


කොරෝනා රෝගී වාට්ටු හිස් වෙයි

(ඩයනා උදයංගනී)

මේ වන විට කොවිඩ් රෝගීන් සහ කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන අතර රෝහල්වලට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ ද කැපීපෙනෙන අඩුවීමක් පවතී.

කොවිඩ් ආසාදිත රෝගීන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලැබූ රෝහල් රැසකම මේ වන විට ප්‍රතිකාර ලබන්නේ පසුගිය කාලයේ ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාවට වඩා බොහෝ අඩු සංඛ්‍යාවක් බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

සංචරණ සීමා පැනවීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙල හා ජනතාව ආරක්‍ෂාකාරී අයුරින් කටයුතු කිරීම ද මෙම රෝගීන් අඩුවීමට හේතු වූ බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ පසුගිය කාලයේ කොවිඩ් ආසාදිත රෝගීන් 600ක් පමණ ප්‍රතිකාර ලැබූ බවත් මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 169ක් පමණ බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ මහතා පැවසීය.

එහි කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් 23ම මේ වන විටත් පිරී පවතින බව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

කොවිඩ් රෝගී ප්‍රතිකාර සඳහා වෙන් කළ ප්‍රධානතම රෝහලක් වන අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ද මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව ද අඩු වී ඇති බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.

අයි.ඩී.එච් රෝහලේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කළ ඇඳන් 230ක සංඛ්‍යාවෙන් දැනට පිරී පවතින්නේ ඇඳන් 150 ක් පමණක් බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ එම ඇඳන් සංඛ්‍යාව ඉක්මවා රෝගීන් ඇතුළත් කෙරුණු අවස්ථා ද පැවති බව වෛද්‍යවරයා කීවේය.

කොවිඩ් ආසාදනය වී දින 14ක් ගතවූ පසුත් රෝග ලක්‍ෂණ පවතින රෝගීන් 30 දෙනකු ද ඒ අතර වන බව කී අධ්‍යක්‍ෂවරයා දැඩි සත්කාර ඇඳන් අටෙහිම මේ වන විටත් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බව කීවේය.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් වෙන් කළ ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවී පසුගිය කාලයේ දැඩි ගැටලුකාරී තත්වයක් ද මතුව තිබූ කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි ද මේ වන විට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්‍ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසුවේ එහි වාට්ටු හයක රෝගීන් 200ක් පමණ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

රට තුළ සංචරණ සීමා පැනවීමට පෙර කළුබෝවිල රෝහලේ කොවිඩ් රෝගීන් 400ක් පමණ ප්‍රතිකාර ලැබූ බව ද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් අතර ඔක්සිජන් ලබාදෙන රෝගීන් ද සිටින බව කී වෛද්‍ය බෙල්ලන මහතා එහි කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කළ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල ද පිරී පවතින බව කීවේය.

පසුගිය කාලයේ රෝගීන් 100ත් 150ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ලැබූ මුල්ලේරියාව නැගෙනහිර කොළඹ ශික්‍ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 58ක පමණ සංඛ්‍යාවක් බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පැවසීය.

එහි ද දැඩි සත්කාර ඒකක ඇඳන් හතරෙහිම කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ කොවිඩ් රෝගීන් 500ක් පමණ ප්‍රතිකාර ලැබූ රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි ද මේ වන විට ප්‍රතිකාර ලබන්නේ රෝගීණ් 175ක් පමණ බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර මහතා පැවසීය.

එහි කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කළ දැඩි සත්කාර ඇඳන් 10 හිම මේ වන විටත් රෝගීන් ප්‍රතිකාර ලබන බව අධ්‍යක්‍ෂවරයා කීවේය.

රාගම රෝහලේ ද කොවිඩ් රෝගී වාට්ටු පිරීයාම නිසා පසුගිය කාලයේ දැඩි ගැටලුකාරී තත්වයක් මතුව තිබිණි.

 



අදහස් (10)

කොරෝනා රෝගී වාට්ටු හිස් වෙයි

කපිල ජයසිරිවර්ධන Monday, 20 September 2021 06:27 AM

පෝය දවසටවත් නිදහසක් නෑ. උදේ 4.30 ඉඳන් මහ සද්දෙන් ලවුඩ්ස්පීකර්. අද හවස් වරුවත් එහෙමයි. මේ අධික ලවුඩ්ස්පීකර් ශබ්දය මිනිසූන්ට වගේම සතුන්ටත් හොඳ නෑ.. අනේ ! අවිහිංසාව ඉහලින් අගයපු දහමකට සිද්ධ උනු දේ..

:       75       16

සෙනෙවිරත්න Monday, 20 September 2021 08:18 PM

සර්ව පිත්තල බුද්ධාගම් කාරයින් හිතන්නේ මහ සද්දෙට පිරිත් දැම්මාම රෝග හොඳ වෙනවා. බුද්ධාගම රැකෙනවා කියලා මොනවා කරන්නද? මේවා කතාකළාම බුරාගෙන පනින අය වැඩියි...

:       23       8

පැරකුම්Wednesday, 22 September 2021 11:54 AM

සෙනෙවිරත්න මයා: මා ඔබ සමගයි. ගුටිකන්න උනොත් මාත් ඉන්නවා…!

:       0       3

යෝගා Monday, 20 September 2021 07:17 AM

සංචරණ නීතිවත්, එන්නත්කරනයවත් නෙමෙයි රෝහල්වල ඇඳන් හිස් වෙන්න ප්‍රධාන හේතුව. රෝගීන් නිවෙස්වලම සිට විකල්ප ප්‍රතිකාර ගැනීමයි. දැනටත් දස දහස් ගණන් රෝගීන් නිවෙස්වලම සිටී

:       70       28

Sk Monday, 20 September 2021 07:19 AM

අම්මෝ දෙවි පිහිටයි. ඉක්මනින්ම සුභදායී ආරංචියක් ලැබේවා රටට

:       1       57

ජෝශප් ස්ටාලින් ලෝකල් වර්ශන් Monday, 20 September 2021 08:20 AM

අඩේ. රට සුවපත් වෙනවා ඉවසන්න බෑ. උද්ඝෝශණයක් කරමුද? 850ක් කරපු එකේ තව 150යි, 1000 වෙන්න කරන්න තියෙන්නේ. අවුරුදු 400ක් විතර පරන වැටුප් විශමතා ඉස්සරහට ගෙන පෙරට වරෙව්.

:       17       118

කිරි පුතා Monday, 20 September 2021 10:32 AM

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා !

:       0       92

Shanatha - Qatar Monday, 20 September 2021 11:04 AM

මේ උතුම් පොහොය දිනයේ පින් බලයෙන් සියලු ලක්වැසියන් නිදුක් නිරෝගී වේවා...!

:       2       107

fairoos Monday, 20 September 2021 12:48 PM

අනේ හොඳයි... අපිතමයි හොඳටම කරලා තියෙන්නේ.

:       48       15

ගමේ එකාලා Monday, 20 September 2021 04:44 PM

බාර්වල හිටපු සෙනග දැක්කම ඉස්සරහට මොනවා වෙයිද කාටද කියන්ඩ පුලුවන් .

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site