(පාලිත ආරියවංශ)
කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ඇතැයි සැකකරන තරුණියක් අද (5) සවස බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම තරුණිය 22 හැවිරිදි වියේ පසුවන අතර මොණරාගල, බුද්ධම පදිංචිකාරියකි.

ඇය චීනයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි අතර, පසුගිය දිනකදී ලංකාවට පැමිණ තිබුණි. අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් කළ වෛද්‍ය පරීක්ෂණයක් අනුව, ඇයට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැයි වෛද්‍යවරු සැක කළහ.
ඒ අනුව, එම තරුණිය සෞඛ්‍ය වෛද්‍ය නිලාධාරීන්ගේ උපදෙස් මත අද(05) බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය වෙත එවා තිබිණි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විසින් සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂිතව රැගෙන ආ ඇය ආරක්ෂිත පිවිසුමකින් විශේෂ ප්‍රතිකාර ඒකකයට කැටුව යන ලදී.
COMMENTS
හරි ප්‍රශ්නයක් තමයි රටට වුණේ, කැස්සක් හෙම්බිරිස්සාවක් හැදිලා ඉස්පිරිතාලේ ගියත් කොරෝනා කියලා තමයි කාඩ් එක වදින්නේ.. ඊට පස්සේ ගමේවත් ඉන්න හම්බවෙන්නැහැ! - සමහර විට චීනයටත් වැඩිය කොරොනා ලෙඩ්ඩු අපේ රටේ ඉන්න බැරිත් නැහැ.
මැයට කොරෝනා ආසාධනය වී ඇත්නම් චීනයෙන් එන හැමෝවම නිරෝධායනය කරන්න අවශ්‍ය නැහැ කියපු ඇමතිවරිය වගකිව යුතුයි.
අනෙත් රටවල නම් චීනයේ වූහාන් නගරයේ සිට ආපසු ගෙන්වා ගත් සියලුම දෙනා නිරෝධායනය කිරීම උදෙසා සති දෙකක ආරක්‍ෂිත රෝහල්වල නවත්වා ගැනීමට කටයුතු කෙරුණි. ලංකාවේ ඒ අයට ඇහැට පෙනෙන ලෙඩක් නැත්නම් ආපසු ගෙවල් වලට යැවීමට කටයුතු කළ හේතුවෙන් දැන් එම කටයුත්ත දෙතුන් ගුණයක් අසීරු බවට පත්ව තිබේ. කොරෝනා වැනි රෝගකාරක පිළිබඳව සැකකටයුතු නිදර්ශක පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනු ලබන්නේ ජෛව ආරක්ෂණ මට්ටම් 4 හි (BSL4) රසායනාගාරයකි. දැනට ශ්‍රී ලංකාව තුල සමෝදානිකව ක්‍රියාත්මක වන මට්ටම 1 හි (BSL1) රසායනාගාරයක් හෝ ක්‍රියාත්මක තලයේ නැති බවයි කියන්නේ.1992දී ජපානයේ ජයිකා ආයතනය අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ ඉහළ අවදානම් සහිත රෝගකාරක පිළිබඳ පරීක්ෂණ සඳහා වෙනම රසායනාගාරයක් නිර්මාණය කළ අතර 2002 වර්ෂයෙන් පසු එහි නඩත්තු කිරීම් සිදුකර නැත. එසේම වසර 3 කට පමණ පෙර සිට වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ, ජෛව ආරක්ෂණ මට්ටම් 3 හි (BSL3) රසායනාගාරයක් නිර්මාණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන සපයා ඇති නමුත්, එය නිසි පරිදි ක්‍රියාවට නැංවී නොමැත. මාධ්‍ය සංදර්ශන ඇතත් ලෙඩේට පිළියම් කිරීමේ ක්‍රමවේදයක් නම් පෙනෙන්නට නැත.
කොරෝනම කියලා පරික්ෂ කරලා නවත්තන්නේ නැතිව ඩෙංගු හැදිලද කියලත් බලන්න?
දෙයක් ගැන බාගෙට දැනගත්තම ඔය උඩ තියෙන වගේ අදහස් තමයි කට්ටිය දාන්නේ. ච මේකේ "case definition" කියලා එකක් තියනවා ඒකට අනුව වුහාන් වලට සම්බන්ධ අයව තමයි නිරෝධානය කරන්නේ. එහෙම නැතුව චීනයෙන් එන හැමෝම එහෙම කරන එක ප්‍රායෝගික නෑ.