(නිමල කොඩිතුවක්කු)
මාරාන්තික කොරොනා වෛරසය මැඩලීම සඳහා ජාතික වැඩපිළිවෙළක්, ජාතික සැලැස්මක් අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
පටු දේශපාලන වාසි නොතකා මාරාන්තික කොරොනා වෛරසය මැඩලන්න අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට විපක්ෂය සූදානම් බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
කොරොනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ සිරවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට වහාම මැදිහත් වන ලෙසට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවයේ නියුතුවන්ට ලබාදී ඇති ආරකෂිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙහිදී විපක්ෂනායකවරයා රජයෙන් ප්‍රශ්න කර සිටියේය.
COMMENTS
චීනයේ සිටි ළමයි ගොඩක් ගෙන්වා ගත්තා... සජිත් දන්නේ නැතිද? ඔයා කියනකන් තමා ඉන්නේ වැඩ කරන්න. බලකායක් පත්කරන්නේ උතුරේ යුද්ධය ඇවිල්ලද? ගොන් කතා තවමත් ඉවර නැහැනේ..?
මෙයා කියනකන් තමයි හිටියේ. පුදුම මොලයලනේ...! බොරදියේ මාළු බාන්නේ නැතිව ඉන්න මහත්තයෝ...
කොරෝනා වෛරසයෙනුත් ආණ්ඩුව අප්‍රසාදයට පත්කරලා ඡන්ද කඩාගන්න හදන මේ වගේ කට්ටියකට රටබාර දෙන්නද කියන්නේ...? තව එක්කෙනෙක් කියලා තිබුණේ ආණ්ඩුව කියනවට වැඩියෙන් වැඩි දෙයක් මෙතන තියෙනවා කියලා. ලෝකේ මේ ගැන කියන දේවල් සේරම මාධ්‍ය වල සහ අන්තර්ජාලයේ තිබෙනවා. සමහර වෙලාවට අර යුද්ධය කාලේ ආණ්ඩුවට ආධාර දෙන්න එපා කියකියා ලෝකේ පුරා හොරෙන් කතාකරපු රහස් සන්නිවේදන මාර්ගවලින් ලැබුණු තොරතුරු අනුවද දන්නේ නැහැ මෙව්වා කියන්නේ? ලෙඩේ මදින්න චීනාටත් බැරුව තියෙද්දී මෙයා කාර්ය සාධක බලකායක් දාන්න කියනවා. මේ එක රෝගියෙක් උන්නු ලෙඩේට කාර්ය සාධක බලකායක් දාන්න කියන ඔයාලා, අවුරුදු හතර හමාරක් බලයේ ඉද්දී ඩෙංගු මදුරුවා මඩින්න, ඩෙංගු රෝගය තුරන් කරන්න කලේ මොකක්ද? නගර පුරා කුණු ගොඩගැහෙන්න ඇරපු එක. අපි මීහරක් කියලා හිතුවද?
ඒ ඔහෙලගෙ කාලේ තමයි කමිටු පත් කරකර ප්‍රශ්න මගහැරියේ... රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයක් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් තියෙනවා. එව්වගේ මෙවැනි කටයුතු වෙනුවෙන් නිලධාරින් ඉන්නවා. බෝවෙන රෝග පිළිබඳ විශේෂඥයින් ඉන්නවා. අවශ්‍ය උපකරණත් තිබෙනවා. ආයේ වෙන කමිටු, බලකායවල් අවශ්‍ය නැහැ. රට කරවන්න බලය ඉල්ලුවාට තවම තියෙන්නේ අර ප්‍රචින පණ්ඩිත නායක තුමාගේ වගේ කපටි යටි අදහස්මනේ... ඔය පළපුරුද්ද අඩු නිසා හිතෙන දේවල්... කැමති නම් අර චීන රෝගියා බලන්න ගිහින් අපේ වෛද්‍යවරු අරන් තියෙන ක්‍රියාමාර්ග බලලා එන්න. යන්න බයනම් අන්න ගංගාරාමේ පිරිත් කියනවලු, රෝග භය දුරුවෙන්න. එතැනින් පිරිත් නූලක්වත් ගැටගහගෙන යන්න මාධ්‍යවලට කට මත දොඩන්නේ නැතුව. ඔය බලකාය පිහිටුවන්න ඕනෑම නම් වේදිකාවල මාධ්‍ය සාකච්ඡා වල කියව කියවා ඉන්න ඕන නැහැ. ටෙලිෆෝන් එක අරන් ජනාධිපතිතුමාට කතා කරලා කියන්න. සමහරවිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ රෝගය ගැන හදිසි තත්වයක් ලෝකේ පුරා ප්‍රකාශ කරලා ඇති බවත්, ජනතාව භීතියට පත්කරන සහ කැළඹීම් ඇතිකරන ප්‍රකාශ කරන්නවුන් සහ ප්‍රචාරය කරන්නවුන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා ඇති බවත් දන්නේ නැතුව වගේ...
ලංකාවේ කොරෝනා වෛරස ලෙඩ්ඩු විශාල ලෙස බෝවෙමින් යනවද මහත්තයෝ?
අනේ යන්න...
කොරෝනා වෛරස් හැදුණු එක චීන ජාතිකයෙක් ඉඳලා හම්බ වුණා. එයාටත් දැන් ලෙඩේ හොඳයිලු, කවුරුවත්ම තවම මැරිලා නැහැ ලංකාවේ... මෙයාලා කාර්යසාධක හමුදා දාන්න කියනවා. එකත් අදාළ බලධාරීන්ට නෙමෙයි කියන්නේ මාධ්‍ය සාකච්ඡා තියලා මීටින්වල. අර බෝම්බයකින් සෑහෙන ගානක් මළා. නමුත් කාර්යසාධක බලකායක් තියා හරිහමන් පරික්ෂණයක්වත් තිබ්බේ නැහැ. සහරාන්ගේ සගයෝ අල්ලන්න වගේ වගක්වත් තිබුනේ නැහැ. බෝම්බේ තියනබවට තොරතුරු ලැබිලා තියෙද්දීත් අහක බලාගෙන උන්නා. අම්මපා මේ වගේ බල ලෝභී දේශ ද්‍රෝහියෝ රැලක් නම්...
පුලුවන් නම් ආර්යාවත් ඵවන්න...
මේ කාර්ය සාධක බලකායක් හදන්න කතා කරනවා. ඡන්දෙ පැරදිලා පැනපු පාර හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්. එක ලෙඩෙක් හරියට ලංකාවේ උන්නොත් පොටෝ බලලා තමයි මෙයාව අපිට අායෙත් දැකගන්න ලැබෙන්නේ. අවුරුදු දහයකටවත් එන්නේ නැහැ පැත්ත පළාතේ...
අපේ මිනිසුන්ට මේ ව්‍යවසන වෙලාවේ විපක්ෂනායකයා විදියට යමක් කිව්වත් වැරදියි., නොකියා හිටියත් ඒකත් වැරදියි...
බුදු අම්මෝ ! සජිත් ඇහැරලා.............
අනේ මහත්තයෝ, කොරොනා මඩින්න අවශ්‍ය වෙන්නේ බෙහෙත්... කොමිටි නෙමෙයි.
මෙතුමා යෝජනා කරන්නෙම ලෝකේ වෙන කොහෙවත් නොකෙරුණ දේවල්. ඉස්සර වෙලා කිව්වා මාස්ක් නිකම් බෙදන්න කියල. දැන් තවත් වැඩකට නැති දෙයක් කියනවා. තවම එකම පුද්ගලයයි ලංකාවේ හමු උනේ.
මෙයා මේ කියන කතා වලින් තේරෙන්නේ රට ගැන කිසිම අවබෝධයක් නැති බවයි. නැත්නම් ඡන්දෙ කාලෙදී වගේ යලි යලිත් මෝඩ, ගොන් කතා එළියට පනින බවයි.
මේ වගේ අවස්ථාවාදියෙක් විපක්ෂ නායක කරපු අය ඉන්න රටක් තවත් තියනවද?
එදා ඔහෙලා හදපු බෝම්බ බලකාය වගේ එකක්... මන් හිතන්නේ හොඳ අදහසක්.
කට පණ ඇවිල්ලා...
ඕනවට වැඩිය කලින් පැහෙන්න ගිහින් දැන් බිමවැටිලා හොට බිම ඇනිලා තියෙන්නේ... බලනවා ඇති කොරෝනා එකේ එල්ලිලා හරි ගොඩ එන්න. ඔයාගේ උපදෙස් ගත්තොත් මළාම තමයි.
බොරදියේ මාලු බාන්න එපා.. අපි දන්නවා රට ගැන හරි කැක්කුමක් තිබෙන බව...
කොරෝනාව සම්බන්ධයෙනුත් උපාධියක් ඇති. එ්කයි මෙහෙම උපදෙස් දෙන්නේ...
මේ කව්ද?
අපේ රටේ පාලකයින්, දේශපාලුවන් කියපු, කරපු කතා දිහා බැලුවම මෙවා මොන කතාද කියලා හිතෙනවා. ආසියාවේ ආශ්චර්ය වගේද?
කොරෝනාව ගැන ලෝක විශේෂඥයෙක් වූ මෙතුමා කියන දේ නොසළකන්නේ අපේ මොලේ කචල් නිසාද? මෙතුමාගේ කතා අහල රට කොරවෙලාද?
මූද හත්ගව්වක් තිබෙද්ද්දී අමුඩ ගහන්න උවමනාවක් නැහැ නේද? කොරොනා මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න තරම් තත්වයක් එන ලකුණු නැහැ. එමනිසා කලබල වෙන්න එපා. ඒකත් සනීපාරක්ෂක තුවා බෙදුවා හා සමානයි. එකක් පැහැදිලියි. මේ වනතුරු රාජ නායකයෙකු වෙන්න සිටින කෙනෙකුගෙන් පිට විය යුතු වැදගත් අදහසක් ඔය ශ්‍රී මුඛයෙන් පිට නොවුන බව.