IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කොරෝනා ප්‍රශ්නයකින් වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමයි

(සිතුම් චතුරංග)

       

කොවිඩ් 19 වයිරසය ආසාදනයවී යැයි රජයේ අධිනීතිඥයවරයා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයකු හදුනාගැනීමත් සමඟ වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමා මහධිකරණ විනිසුරුතුමා ඇතුළු මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ කාර්යමණ්ඩල අද (16) පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමුකළ බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
       

පසුගිය (13) වැනිදා වවුනියාව රජයේ අධි නීතිඥයවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා හට කොවිඩ් - 19  වෛරසය අසාදනයවී හදුනාගැනීමත් සමඟ ප්‍රථමයෙන් ඊයේ (15) වවුනියාව මහධිකරණය තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබාදුන් බව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

       

පසුව රජයේ අධිනීතිඥයවරයා හට සිදුකළ කළ පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව කොවිඩ් 19 වෛරස ආසාදනයවී හදුනාගැනීමත් සමඟ දිසා සහ මහෙස්ත්‍රාත් අධිකරණයද තාවකාලිකව වසාදැමීමට අධිකරණ කාර්යමණ්ඩල වෙත දැණුම්දී තිබේ.

         

රජයේ අධි නීතිඥයවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා හට කොවිඩ් වෛරසය ආසාදනයවූයේ කෙසේද යන්න නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණයනොවූ බවද සෞඛ්‍ය අංශ පැවසීය.

       

වවුනියාව මහධිකරණ විනිසුරු , මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවන් දෙදෙනා ද ඊයේ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කල බවත් නීතිඥයවරුන් හා රාජකාරිය සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්වෙතද පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

       

වවුනියාව මහධිකරණය , දිසා සහ මහෙස්ත්‍රාත් අධිකරණය තාවකාලිකව වසාදමා තිබීම හේතුවෙන් එහි පැවැත්වෙන නඩුවිභාග කල්දැමීම පමණක් සිදුකෙරේ.
      



අදහස් (0)

කොරෝනා ප්‍රශ්නයකින් වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 25 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 140 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 987 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site