(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගත තත්ත්වය නිසා බණ්ඩාරනායක 61 වන ගුණසමරු උත්සවය හොරගොල් පවත්වන්නේ නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය.
1960 වසරේ සිට අඛණ්ඩවම සැප්තැම්බර් 26 දා බණ්ඩාරනායක ගුණසමරු උත්සවය පැවැත්වූ බව කියන හිටපු ජනාධිපතිනිය උත්සවයක් නොපැවැත්වුනත් මෙවර ද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණ ගෞරවාචාර දැක්වීමට හැකියාව පවතින බවද සඳහන් කරන්නීය .
හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ,හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක සහ හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහත්ම මහත්මීන් සිහිපත් කිරීම සඳහා සැප්තැම්බර් 26 වැනිදා ඕනෑම වෙලාවක සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධියට පැමිණීමට ඉඩ සලසා ඇතැයි හොරගොල්ල සමාධි පදනම පවසයි.
COMMENTS
රට වර්තමානයේ තිබෙන තත්ත්වයට පත්වීමට මුලින්ම පාරකැපූ පුද්ගලයා. දේශීය ධනපතියන්ගේ ව්‍යාපාර ජනසතු කර දේශීය ආයෝජන කීරීම් විනාශ කල පුද්ගලයා.